21 වැනි සංශෝධනය අද කැබිනට්ටුවට නොදැම්මොත් අද රෑම අයින් වෙනවා – හරීන් (VIDEO)

Date:

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහා සකස් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (23) දිනයේදී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් නොකෙරුණහොත් අද රාත්‍රියේම ආණ්ඩුවෙන් ඉවත් වන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

අනිවාර්යයෙන්ම අද දිනයේදී එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව කවුරුන් කුමන්ත්‍රණ කළත් ඒවා සාර්ථක නොවනු ඇති බවත් සඳහන් කළේය.

කැබිනට් අනුමැතිය ලැබුණු පසු අදාළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට එන බව පැවසූ අමාත්‍යවරයා එහිදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අද දිනයේදී නව අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත කරගත් බලතල රැසක් යළි පාර්ලිමේන්තුව වෙත ලබාගැනීම සහ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම 21 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...