සටහන: සශිකලා මධුෂාණි
මැයි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද බුද්ධි අධ්යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් ජුනිමස 30වන දින සිට ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපති ට්රම්ප්ට ලිපියක් ඉදිරිපත් කරමින් ප්රකාශ කර තිබේ.
2024 ජනාධිපතිවරණ ව්යාපාරයේදී ට්රම්ප්ගේ පක්ෂපාතී ආධාරකරුවෙකු වූ ගැබාර්ඩ්, 2025 දී ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් සති කිහිපයකට පසු එක්සත් ජනපද බුද්ධි තොරතුරු රැස්කිරීමේ ප්රබලම චරිතයක් වූ අතර ජනාධිපති ට්රම්ප් සිය තෘත් සමාජ වේදිකාවේ සටහනක් එක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ(22)දිනයේදී සඳහන් කර තිබුණේ, අවාසනාවකට මෙන්, විශිෂ්ට කාර්යයක් කළ පසු, තුල්සි ගැබාර්ඩ් ජුනි 30 වන දින පරිපාලනයෙන් ඉවත් වනු ඇති බවයි.
ඒ අනුව, අප්රේල් මාසයේදී ලෝරි චාවේස්-ඩිරෙමර් කම්කරු ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසු ට්රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ සිව්වන කැබිනට් සාමාජිකයා ගැබාර්ඩ්ය.
ඩොනල්ඩ් ට්රම්ප් වෙනිසියුලාවට සහ ඉරානයට ප්රහාර දියත් කිරීමත් සමඟ ඇති වූ කැළඹිලි සහගත තත්වය හේතුවෙන් ධවල මන්දිරය ගැබාර්ඩ්ට ඉල්ලා අස්වීමට බල කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබු අතර ට්රම්ප් පසුගිය මාසයේ කැබිනට් සාමාජිකයින්ගෙන් ගැබාර්ඩ් වෙනුවට ආදේශ කළ කෙනෙක් ඇත්දැයි යන්න විමසා ඇත.
කෙසේ නමුත් හිස් වූ ධුරය වෙනුවෙන් ජාතික බුද්ධි අංශයේ ප්රධාන නියෝජ්ය අධ්යක්ෂ ඒරන් ලූකස් ජාතික බුද්ධි අංශයේ වැඩබලන අධ්යක්ෂ ලෙස කටයුතු කරණු ඇති බව වාර්තා වන අතර ඉරානය න්යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවට කැපිටල් හිල් හිදී තුල්සි ගැබාර්ඩ් ප්රකාශ කිරීම ජනාධිපති ට්රම්ප් විසින් ප්රතික්ෂේප කිරීමත් සමඟ ඇය පසුපසට තල්ලු විය.

