වෛද්‍යවරුන්ට,උපකාරක පන්ති ගුරුවරුන්ට බදු ලිපි ගොණුවක් විවෘත වෙන හැඩ!

Date:

කොළඹ LNW:රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් එළඹෙන ජුනි 01 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම ප්‍රතිපත්ති මාලාව ඔස්සේ ,රට නගා සිටුවීමේ ගමනට ශක්තිමත් අඩිතාලමක් යෙදවීමට බලාපොරොත්තු වන බවත් ශක්තිමත් රාජ්‍ය මුල්‍යයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන්කළේය.

”කවුරු මෙම වගකීම ගත්තත් රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය එකම ගමනක් යන විදියට සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති මෙම වාර්තාවෙන් එළි දක්වනවා. නොසෙල්වන රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබීම අත්‍යාවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා නීති යාවත්කාළීන කිරීමට.ශක්තිමත් දීර්ග කාළීන විසඳුම් ගෙන ඒමට නීති වෙනස් කිරිමටයි.”

ඒ අනුව මෙම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළයුතු දින වකවානුද දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම අනුව නිශ්චිත දින වකවානු සමග මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි සියඹලාපිටිය මහතා පැවසුවේ.

බදු නියමයන් හතක් පිළිබඳ විවාදය අද (23) ආරම්භ වූ අතර එය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ආරම්භ කරන ලදී.

ඒ අනුව, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග, නිෂ්පාදන බදු ( විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය, සුරා බදු ආඥාපනත යටතේ නිවේදනය,දුම් කොළ බදු ( සංශෝධන ) පනත යටතේ නියෝග,මුද්දර ගාස්තු ( විශේෂ විධි විධාන ) පනත යටතේ නියමය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා වි­­­නිමය කොමිෂන් සභා පනත යටතේ නියමය,මුදල් පනත යටතේ නියෝගය විවාදයට ගැණිනි.

මීට පෙර පැනවූ බදු මිස අලුතෙන් කිසිදු බද්දක් පැනවිමක් මෙයින් සිදු නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විවාදය ආරම්භ කරමින් සඳහන් කළේ.

පසුගිය අයවැයේදී අවුරුදු 18ට වැඩි සියළු දෙනාට බදු ලිපි ගොණුවක් විවෘත කරන ලෙස දක්වා ඇති අතර ඔවුන්ට පළමු අදියරේදී බදු ලිපි ගොණුවක් හඳුන්වා දීමට සූදානම් වන බවද හෙතෙම සඳහන් කරන ලදී.

වෛද්‍යවරු,උපකාරක පන්ති ගුරුවරු වැනි ක්ෂේත්‍ර වල නියුතු අය සඳහායි එලෙස බදු ලිපි ගොණුවක් විවෘත වන්නේ.

මෙලෙස බදු පදනම පුළුල් කිරීම තුළින් දැනට බදු ගෙවන්නන්ගේ තිබෙන පීඩනය අවම කළ හැකි බවයි සියඹලාපිටිය මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...