රියදුරු පාසල් හිමියන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2016 වසරේ සිට රියදුරු පුහුණු උපදේශක විභාගය සහ 2022 වසරේ පැවැති රියදුරු පුහුණු උපදේශක සහකාර විභාගය සමත්ව ඇති අයට මේ මොහොත වන තුරු රියදුරු උපදේශක බලපත්‍ර ලබා දී නොමැති බවත් එම නිසා ඔවුන්ට රියදුරු පාසල් පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අය මේ සිදු කරන්නේ ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක් හා ව්‍යවසායකත්වයක් බවත් මෙය රජයට බරක් නොවන දෙයක් නිසා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම රියදුරු පාසල් සඳහා බස්රථ ලබා ගැනීමේ දී ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී පළාත් මඟින් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා රියදුරු පාසල් හිමියන් අපහසුතාවට පත්ව ඇති බවත් එසේ ම රියදුරු පාසල් නියාමනයේ දී මෝටර් රථ පරීක්ෂකවරුන්ට ලබා දී ඇති අසීමිත බලය මෙම රියදුරු පාසල් හිමිකරුවන්ට හිරිහැරයක් වන සේ භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද නීත්‍යානුකූල නොවන අන්දමින් පවත්වා ගෙන යන රියදුරු පාසල් ඇති බවට වාර්තා වන බවත් එවැනි දෙයක් සිදුවුවහොත් රජයට ලැබෙන ආදායම් අහිමි වන නිසා මේ ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...