පැපුවා නිව්ගිනියාවේ ගම්මාන හයකට දරුණු නායේ යෑමක් – නිවාස 100කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් යටවෙලා!

Date:

කොළඹ LNW:පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ දැවැන්ත නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (23) එරට වේලාවෙන් පස්වරු 03.00ට පමණ මෙය සිදුව තිබෙන අතර සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සුන්බුන් අතර කොපමණ ප්‍රමාණයක් සිරවී සිටිනවාද යන්න පිළිබඳව ද නිශ්චිත අදහසක් නොමැති බව සඳහන්.

සුන්බුන් ඉවත් කිරීමද සහන කණ්ඩායම් වෙත ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති බවත් සිදුව තිබෙන හානිය සම්බන්ධයෙන් තවදුරටත් තක්සේරු කරමින් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙය මීට පෙර සිදු නොවූ ස්වභාවික ව්‍යසනයක් බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...