තේ පොහොර වෙනුවෙන් රු.මිලියන 12,000ක් වෙන් වෙයි!

Date:

කොළඹ LNW:තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොටපොළ ‌ෙඑතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී පැවති ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් වන නැවුම් තේ මංගල්‍යයට එක්වෙමිනි.

මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි විය.

‌තේ වගාකරන සෑම ප්‍රදේශයකින්ම ලබා ගන්නා ලද නැවුම් තේ ‌ෙඑතිහාසික ගැටඹරු රාජ මහා විහාරයේ දී ත්‍රිවිධ රත්නයට පූජා කිරීමට එහිදී කටයුතු කර තිබුණි.

රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර වෙළෙඳපළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව වෙළෙඳපළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500 සහා 7,500ට මිල දී ගැනීමට හැකියාව පවතියි.

පසුගිය කාලය තුළ මෙම පොහොර වැඩපිළිවෙලෙහි යම් පසුබෑමක් දක්නට ලැබුණු හෙයින් තේ කර්මාන්තකරුවන් තේ පොහොර යෙදීමට කළ සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර ඒ අනුව තේ පොහොර තේ වගාකරුවන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා තේ කර්මාන්තකරුවන්ගේ මැදිහත් වීම මත පොහොර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි එහිදී කියවුණේ.

මේ නිසා ලබන වර්ෂය වන විට මෙරට තේ නිෂ්පාදනය නැවත වරක් ඉහළ යනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...