චීනයේ මැදිහත්වීම මත පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ මන්දිහත්විම මත පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර වසර හතරකට පසු විදිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි මස 21 වන දින චීනයේ පැවති ත්‍රෛපාර්ශ්වික රැස්වීමකදී, චීනය, පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ අමාත්‍යවරුන් හමු වූ අතර එහිදී ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉහළ නැංවීමට පැහැදිලි කැමැත්තක් ප්‍රකාශ කළ අතර හැකි ඉක්මනින් තානාපතිවරුන් හුවමාරු කර ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර දින හතරක ගැටුමකින් අනතුරුව මෙම හමුවීම සිදු වූ අතර මේත් සමඟ චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිටියේෂන් (BRI) යටතේ ඩොලර් බිලියන 62 ක දැවැන්ත ව්‍යාපෘතියක් වන චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) දැන් ඇෆ්ගනිස්ථානය දක්වා ව්‍යාප්ත කරණු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…? කියවන්න අකමැතිනම් අහලම බලන්න..

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...