ජපානයේ ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි 25 වෙනිදා!

Date:

කොළඹ LNW:මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

ථෙරවාදී සම්ප්‍රදායානුකූලව ජපානයේ 41 වෙනි වරටත් පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී උදෑසන සහ සවස ගිලන්පස බුද්ධ පූජා,උදෑසන සහ දහවල් සපිකරගත සංඝගත දක්ෂිණාවන්,බත් සහ තේ දන්සැල් ,ධර්ම දේශනා,බැති ගී ගායනා ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී පැවත්වෙන වන බව කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

මෙම සියලු පුණ්‍ය කටයුතු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයන් සහ සවරා ලංකාජී විහාරයේ දායක ජපන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවත්,වාර්ෂික පවත්වන මෙම වෙසක් උත්සවය තුළින් ජපානයේ ජීවත්වන ලාංකේය දූ පුතුන්ට වෙසක් උත්සවය අර්ථවත් බව සහ විචිත්‍රවත් බව අවබෝධ කරදීම මෙන්ම ඔවුන් ඉදිරි වෙසක් උත්සව සඳහා සූදානම් කිරීම ද අපේක්ෂා කරන බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...