*
Saturday, May 24, 2025
spot_img

Latest Posts

ලුණු හිඟයට රයිගම් සමඟ පැටළුණු මන්ත්‍රී මුජිබර්ට රයිගම් සමූහ සභාපතිගෙන් පිළිතුරු!

කොළඹ LNW:මතුවූ ලුණු හිඟයත් සමඟ ඒ සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර විවාදාත්මක තත්ත්වයක් මතු වූ අතර පසුගිය පාර්ලිමේන්තු සභා වාරයේදීද ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ ලුණුය.

ඒ අනුව ලුණු හිඟය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කළ අතර එහි බරපතලම කාරණයක් වුණේ පසුගිය 25 වැනි දින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති,පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ රවී ලියනගේ මහතාට චෝදනා එල්ල කිරීමය.

එහිදී රහුමාන් මහතා චෝදනත්මව පැවසුවේ ලුණු හිඟයට රවී ලියනගේ මහතා වගකිව යුතුවන බවයි.

කෙසේවෙතත් රනුමාන් මහතාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු විසින් දක්වන ලද කරුණුවල සාවද්‍ය බව පිළිබඳව ආචාර්ය රවී ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

21.05.2025 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබර් රහුමාන් මැතිතුමන් විසින් ආචාර්ය රවී ලියනගේ වන මා, මා සභාපතීත්වය දරන රයිගම් සමූහ ව්‍යාපාරය සහ අප ආයතනයේ කීර්තිමත් සන්නාම නාමයක් වූ “ රයිගම් ඉසි ” ලුණු පාදක කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.

ඔහුගේ ප්‍රකාශයේ සඳහන් ආකාරයට රයිගම් ආයතනය ඉතාමත් වංචාකාරී ආයතනයක් ලෙස හදුන්වා දෙමින් පුත්තලම ලුණු සංස්ථාව යන ආයතනයේ අධ්‍යක්ෂක ධූරයක් දරමින් මා විසින් වංචාකාරී ලෙස ලුණු ජාවාරමක නිරත වී ඇති බවට හැගෙන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතාම සාවද්‍ය බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශයේ සදහන් වූ පරිදි,

  1. පුත්තලම ලුණු සංස්ථාව කියා ආයතනයක් නොමැත!
    “පුත්තලම් ලුණු සංස්ථාව” යනුවෙන් ආයතනයක් නොපවතින බවත් 1997දී එය පෞද්ගලීකරණය කර “ පුත්තලම් ලුණු සමාගම ” වශයෙන් සමාගම් ආඥා පනත යටතේ වසර 28ක සිට ක්‍රියාත්මක වන සී/ස පොදු සමාගමක් බව සඳහන් කර සිටිමි.
  2. රජයෙන් පත් කල අධ්‍යක්ෂකවරයෙකු නොවේ!
    මහජන බැංකුවට සහ කළුතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයට අයත්ව තිබූ පුත්තලම් ලුණු සමාගමේ 27% ක පමණ කොටස් පෞද්ගලිකකරණයෙන් පසු අප ආයතනය මිලදී ගත් බවත් දැනට වසර 20කට ආසන්න කාලයක සිට මා පුත්තලම ලුණු සමාගමේ රයිගම් ආයතනය නියෝජනය කරන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන බව සහ ගරු මුජිබර් රහුමාන් මැතිතුමා පවසන ආකාරයට පවතින රජය විසින් පත් කරන ලද අධ්‍යක්ෂකවරයෙක් නොවන බවත්
    මෙයින් ප්‍රකාශ කර සිටිමි.
  3. අපගේ අයිතිවාසිකම පමණයි!
    රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ලංකාවට ආනයනය කරන ලද ලුණු තොග අඩු මිලට මිලදී ගෙන ඇත්තේ රයිගම් ආයතනය විසින් බවත්, ඒවා අඩු මිලට මිලදීගෙන අසාධාරණ ලාභයක් අප ලැබු බවත්ය. මා මෙහිදී ඉතා වගකීමෙන් පවසන්නේ රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් සියලුම ලුණු නිෂ්පාදකයන් වෙනුවෙන් ආනයනය කරන ලද ලුණු වලින් රජය විසින් තීරණය කරන ලද නිෂ්පාදකයෙකු වශයෙන් අපට අයිති කොටස පමණක් රජය විසින් තීරණය කරන ලද මිලට මිලදී ගත් බවයි.
  4. පුත්තලම් ලුණු සමාගමෙන් ලුණු මිලදී ගෙන නැහැ!
    මීට අමතරව පුත්තලම් ලුණු සමාගමේ කිසිදු නිෂ්පාදනයක් පසුගිය මාස 6ක කාලයක් තුල රයිගම් ආයතනය විසින් හෝ එහි උප සමාගමක් විසින් හෝ මිලදීගෙන නොමැති බව ප්‍රකාශ කරමි.
  5. මිල පටලවාගෙන!
    ඔහු සදහන් කළ පරිදි අප විසින් රු.130 ට තිබූ ලුණු කිලෝ ග්‍රෑම් එකක් රු.350 ක් දක්වා වැඩිකර වෙළදපොලේ අලෙවිකර අධික ලාභයක් ලබන බවයි. වෙළදපලේ ඇති ඉතාම අග්‍රගන්‍ය සන්නාමයක් වන “ රයිගම් ඉසි ” වෙළද නාමය ඉතාම හෑල්ලුවට ලක් කරමින් කල ඔහුගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවත් “රයිගම් ඉසි” මේස ලුණු කිලෝග්‍රෑමයක් කිසිම දිනක රු.130ක මිලට අප වෙළදපලෙහි අලෙවි කර නොමැති බවත්, මට හැගෙන පරිදි ඔහු විසින් පටලවාගත් රු.130ක මිල එම නිෂ්පාදනයේම 400g ක පැකට්ටුවක පසුගිය කාලයේ පැවති මිල බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි.
  6. මාෆියාවක් නොවෙයි. හැකි පමණින් දිගටම ලුණු නිකුත් කරනවා!
    ඔහුගේ ප්‍රකශයේ සඳහන් පරිදි පුත්තලම ලුණු සංස්ථාව යන ආයතනය විසින් ලුණු තොග සගවාගෙන ඇති බවත්, ලුණු මාෆියාවක් නිර්මාණය කර ඇති බවත්, ඔහු එයින් අදහස් කරන්නේ පුත්තලම් ලුණු සමාගම නම්, මා හට පැවසිය හැක්කේ පුත්තලම ලුණු සමාගමේ දැනට පවතින්නේ ඉතාම සීමිත ලුණු තොගයක් බවත් අද දිනටත් පුත්තලම ලුණු සමාගම පමණක් නොව රයිගම් ආයතනයත් හැකි උපරිම මට්ටමකින් පවතින ලුණු තොග පිරිපහදු කර වෙළදපොලට නිකුත් කරමින් සිටින බව ඉතා වගකීමෙන් යුතුව සඳහන් කර සිටිමි.
  7. අධික වර්ෂාව ලුණු හිගයට හේතුවයි!
    ඔහු කෙසේ පැවසුවත් ශ්‍රී ලංකාවේ ලුණු හිගයට ප්‍රධාන හේතුව දැනට වසර 03ක සිට ලුණු නිෂ්පාදනය කරන ප්‍රදේශ වලට ඇද හැලුණු අධික වර්ෂාපතනය බවත්, එම හේතුවෙන් වසරින් වසර ශ්‍රී ලංකාවේ තිබු ලුණු සංචිත අවසන් වී ලුණු හිගයකට මුහුණ දුන් බවත් මෙම තත්වයට පවතින හෝ පැවතුන රජයක්, ආයතනයක් හෝ පුද්ගලයෙකු වගකිව යුතු නොවන බවට ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

දේශීය සමාගම් වනසන කොන්ත්‍රාත්තුවක්ද?
අවසාන වශයෙන් විපක්ෂයේ ඉතාම ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද මෙම වගකීම් විරහිත ප්‍රකාශයෙන් මටත්, මම සභාපතිත්වය දරන රයිගම් සමුහ ව්‍යාපාරයත්, ඊට අමතරව අපගේ කිර්තිමත් වෙළදනාමයත් වන “රයිගම් ඉසි” සන්නාමයේ කීර්තිනාමයටත් ඍජු හා වක්‍ර වශයෙන් දැඩි බලපෑමක් ඇති කර බවත්, වගකිව යුතු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස මෙවන් ප්‍රකාශ සිදු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ලුණු පිරිපහදු යන්ත්‍රාගාරය ස්ථාපිත කර ලංකාවේ ලුණු නිෂ්පාදනය වෙනම නැමියාවක් කරා රැගෙන යාමට ආරම්භක පියවර තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලුණු නිෂ්පාදන ආයතනයක් ලෙස අප මහත් අසීරුතාවයකට පත් වූ බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමි. එමෙන්ම මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් දේශීය ව්‍යවසායකත්වයට සහ දේශීය ආයතනවලට අහිතකර ප්‍රතිවිපාක ලැබිය හැකි බවත්, විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හැටියට මින් ඉදිරියට මෙවන් වගකීම් විරහිත ප්‍රකශ කිරීමෙන් වැළකී සිටින මෙන් සැබෑ දේශීය ව්‍යවසායකයෙකු ලෙස ඉතා ගෞරව පුර්වකව ඉල්ලා සිටිමි.

ආචාර්ය රවී ලියනගේ
සභාපති – රයිගම් සමුහ ව්‍යාපාරය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan