*
Friday, October 4, 2024
spot_img

Latest Posts

කෘෂි ආර්ථිකය නංවාලන්නට සණසට ඩොලර් තුන් ලක්ෂ අසූදහසක්

දිනෙන් දින උග‍්‍ර වන ආර්ථික අර්බුදය  සහ දේශපාලන අර්බුදය හමුවේ ප‍්‍රබල අවධානමකට ලක්ව ඇති ග‍්‍රාමීය කෘෂි ආර්ථිකය සහ සුලු ගොවියන් නංවාලීම සඳහා වෙළඳපොල සමග ඒකාබද්ධ ප‍්‍රජා ආර්ථිකය ශක්තිමත් කරන කෘෂි ව්‍යාපාර බල ගැන්වෙන තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා ආසියානු ගොවි සංවිධානය(AFA) සමග සණස ජාත්‍යාන්තර සමාගම පසුගිය වසරේ ගිවිසුමකට අත්සන් තබන ලදී. “සුහුරු ගොවි ව්‍යාපෘතිය” නමින් ක‍්‍රියාත්මක එම වැඩසටහන සදහා 2022/23 වසර තුළ ඩොලර් දෙලක්ෂ විසි තුන් දහස් අටසීයක් ආයෝජනය කිරීමට සණස ජාත්‍යාන්තරය අපේක්ෂා කරයි.

වසර පනහකට වැඩි කාලයක් පුරා ශ‍්‍රී ලංකාවෙි දුප්පත්කම තුරන් කිරීමට විධිමත් සහ අඛණ්ඩ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ සණස, අද වන විට මිලියනයකට ආසන්න ජන ප‍්‍රජාවකට පහසුවෙන් ඉතුරුම් සහ ණය ගනුදෙනු කළ හැකි ආසියාවෙි ප‍්‍රබලම හා සාර්ථකම සමූපකාර වැඩසටහන ලෙසත් ශ‍්‍රී ලංකාවෙි සාර්ථකම සමාජ ව්‍යාවසායකයක් ලෙසත් කීර්තිය දිනාගෙන තිබේ. ග‍්‍රාමීය දුප්පත් කම හා ණයගැති භාවය තුරන් කිරීමට රාජ්‍ය සහනාධාර හෝ වෙනත් මූල්‍යාධාර එන තුරු බලා නොසිට “එකා සැමටත් සැම එකාටත්” සහයෝගය ලබා දෙමින් ගමේ සමිපත් ගමට ඉතුරු කර ගැනීමට බිම් මට්ටමෙන් ආරම්භ කළ සණස ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන 56,000 ක පමණ ස්වේච්ඡා නායකයන්ගේ ශක්තිය මත ක්‍රියාත්මක වන අතර අද වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි බැංකුවක්, රක්ෂණ සමාගම් දෙකක් සහ උසස් අධ්‍යාපන ආයතනයක් නිර්මාණය කරමින් ජාතික වත්කම් වර්ධනය සඳහා විශාල කර්තව්‍යයක් සිදු කර තිබේ.

විවෘත ආර්ථිකයෙන් පසු පැමිණි සියලු ආණ්ඩු විසින් ක‍්‍රමිකව අඩපන කර අද වන විට කුඩා ගොවියන් දණගස්වමින්, ගෝලීය ආර්ථිකය තුළ අවතැන් කර ඇති ශ‍්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශ‍්‍රී ලංකා ජන ප‍්‍රජාවගේ අයිතිය සහ සාමූහික වගකීමෙන් ගොඩනැගිය යුතුව තිබෙන බවත් මේ සඳහා ආරම්භක පියවරක් ලෙස ‘සුහුරු ගොවි වැඩසටහන’ ක‍්‍රියාත්මක කළ බවත් සණස ජාත්‍යාන්තරය ප‍්‍රකාශ කර සිටී. මේ වන විට සබරගමුව, වයඹ, දකුණ, මධ්‍යම සහ උතුරු පලාතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙම වසරේදී දිවයින පුරා විසිරී ඇති සණස සමිති 200 මුල් කර ගනිමින් ගම්  දහසක් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

වෙළඳපළ සමග සම්බන්ධ ගොවි ව්‍යාපාරිකයන්, අපනයන කරුවන් සහපාරිභෝගික සංගම් සමග එක්ව අගය දාම දොළහක් යටතේ නිශ්චිත ව්‍යාපාර 50 ක් තුළට ග‍්‍රාමීය කෘෂි වැඩසටහන් ගොනු කිරීමටත්, ඒ මගින් අගය වැඩි කල ගොවි ආර්ථිකය සංවර්ධනය කළ හැකි වස විසෙන් මිදුනු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියකට සහයෝගය දැක්වීමටත් සණස අපේක්ෂා කරයි.

මෙම වැඩසටහන සඳහා රටෙි ජාතික වත්කම් තිරසර ලෙසට සංවර්ධනය කිරීමට කැමති සහ ඒ සඳහා දැනටත් ප‍්‍රාදේශිය මට්ටමින් හෝ ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක වී සිටින රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන, ස්වාධීන ගොවි සමිති හෝ කණ්ඩායම් සම්බන්ද කර ගැනීමට සණස ජාත්‍යාන්තර සමාගම අපේක්ෂා කරයි.

මාධ්‍ය අංශය – සණස ජාත්‍යාන්තරය 2022 මැයි 20

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan