ආහාර අර්බුදයට මුහුණ දීමට විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අරඹමු – රනිල්

Date:

විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලෝක අහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ අහාර සුරක්ෂිතාව ඇතිකිරීම පිලිබඳ සාකච්ඡාවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණු අතර එහිදී අහාර භෝග, පශු සම්පත් සහ අපනයන භෝග පිළිබඳව සාකච්ඡාවට භාජනය විය.

ඊට අමතරව පොහොර, බිජ සහ ඉන්ධන ගැටලුව පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඊට ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා උපදෙස් ලබා දුන්නේය. .

මාසිකව සහල් අවශ්‍යතාව මේටික් ටොන් ලක්ෂ දෙකක් බවත් දැනට රට තුළ සහල් සංචිතය ප්‍රමානවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

ඊලඟ කන්නයේ අස්වනු නෙලිමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති වියහැකි අහාර හිඟයට මේ මොහොතේ ගත හැකි විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ අතර විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවලට අහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කළේය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර බස්නාහිර හා දකුණු පලාත් වල වගා සංග්‍රාමය හා අහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, කොළඹ පුරපතිනි රොසි සේනානයක, විපක්ෂය නියොජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතළත් කමිටුවක් පත් කෙරිණි.

එමෙන්ම රට තුළ දැනට පවතින ආහාර ප්‍රමාණය පිළිබඳ දත්ත එක්රැස් කිරීම සහ නිර්දේශ ඉදිරිපත් පත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයාව පත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...