ආණ්ඩුව හෙල්ලෙනකම්ම ක්‍රීඩා ජාතික සභාවේ මුල් පුටුවේ සිටි මහේලත් ගෝඨාගේ ආණ්ඩුවට යන්න කියයි

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය සහ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රජයේ ජාතික ක්‍රීඩා පාළක සභාවේ ප්‍රධානියාව රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල වගකීමක් දරමින් සිට,මහජන උද්ඝෝෂණ ඉහළට නැඟෙමින් එද්දී ඉල්ලා අස් වූ මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගෝඨාභය රාජපක්ෂ රජයට ඉවත්ව යන ලෙස පවසයි.

ඊට හේතු වන්නේ දින දෙකක බිළිදියක හල්දුම්මුල්ල ප්‍රදේශයේදී මිය යාමේ සිදුවීමකුයි.දින දෙක දැරියක් අසනීප වූ අවස්ථාවේ ඇයව රෝහලට ගෙන යන්නට ත්‍රීරෝද රථයකට ඉන්ධන නොමැතිවීම සහ ඒ ප්‍රමාදය ඇය මිය යන්නට හේතුවක් වී තිබෙන බව ඇයගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරයා තැබූ සංවේදී සටහන මහේලගේ ට්විටර් පණිවිඩයට පාදක වී තිබෙනවා.

ශානක රොෂාන් පතිරන නැමති අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ තරුණ වෛද්‍යවරයා එම දේහය කැපීම සඳහා මනස හදා ගැනීමට ගත් වෙහෙස එම සටහනෙන් පෙන්වා දෙන අතර ඇය මේ කාළකන්නි දේශපාලනය සහිත පොළව ඒ අයුරින් හෝ හැරයාම ගැන ඒ වෛද්‍යවරයා සතුටට පත් වෙමින් හිත හදාගත් බව පවසයි.මේ සමඟ මහේලගේ ට්විටර් සටහන මෙන්ම වෛද්‍යවරයාගේ සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ සටහනද මේ සමඟ දැක්වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...