*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මේ කන්නය වැරදුනොත් රටම හාමතේ – කෘෂිකර්ම ඇමති වැඩ අරඹමින් කියයි

රට අර්බුද ගණනාවකට මුහුණදෙමින් තිබියදී කෘෂිකර්ම අමාත්‍ය ධුරය බාර ගැනීම දැවැන්ත අභියෝගයක් බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා ඊයේ සිය ධුරයේ වැඩ අරඹමින් මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය මහ කන්නය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බවත්, මෙම කන්නයේද ඇතැම් ගොවීන් වී වගාව අතහැර තිබෙන බවත් පෙන්වා දෙන අමරවීර මහතා පවසන්නේ මෙම කන්නයේ වගා කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී සාගතයකට මුහුණදීමට සිදුවන බවයි. යළ කන්නය වැරදුනහොත් රටටම හාමතේ සිටීමට සිදුවන බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

එකවරම රසායනික පොහොර තහනම් කර කාබනික වැඩපිළිවෙලකට යාම අනතුරුදායක බව පසුගිය කාලසීමාව පුරාම පෙන්වා දුන් නමුත් හිටපු කෘෂිකර්ම ඇමතිවරයා ඊට කන්දීමට අසමත් වූ බවද ඇමතිවරයා පවසයි. අද අත්විඳින අනතුරුදායක බව එදා දුටු බවත්, මේ නිසා විවිධ පුද්ගලයන්ගේ අපහාසවලට ලක්වීමටද තමාට සිදු වූ බවත් කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කරයි.

සහල් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති නමුත් කිසිසේත්ම රටේ ජනතාව බඩගින්නේ තැබීමට සූදානම් නොමැති බව පෙන්වා දෙන මහින්ද අමරවීර මහතා පවසන්නේ යළ කන්නයේ වී ගොවිතැන උපරිමයෙන් සිදු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan