මේ ගෙනෙන 21 වැනි සංශෝධනය ප්‍රෝඩාවක් – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Date:

වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රෝඩාවක් බවත් එහි දෝෂසහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ද පෙන්වා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

“වර්තමාන රූකඩ ආණ්ඩුව ජනමතයට පටහැණිව මේ වනවිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් තමන්ට රිසි සේ ගෙන එන්නට කටයුතු කරමින් සිටිනවා. නීතීඥ සංගමය බොහොම පැහැදිලිව කියලා තිබෙනවා මේ ගෙන එන්නට හදන ව්‍යවස්ථා සංශෝධනය දෝෂ සහිතයි කියලා. මම මේ කාරණාව මුලින්ම දැක්කා. ඒ නිසා තමයි මම වර්තමාන රජයේ ජනාධිපතිවරයා ඇතුළු අයගේ සටකපටකම්වලට රැවටුණේ නැත්තෙ. මට පෙනුනා මේ එන්නෙ දේශපාලන සටකපටකම්වලින් සහ කුමන්ත්‍රණවලින් මේ රටේ ජනමතය විනාශ කරන්නය කියලා. පැහැදිලිවම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කියනවා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 ඉවත්කොට 19 අංග සම්පූර්ණව ගෙන එන්නටත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණවලට යොමුවන්නටත් කටයුතු කළයුතුයි. තවදුරටත් ජනතාව රවටන්නේ නැතුව විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කරන්න අප ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය ගෙන එන්නට කටයුතු කරන්න. රැවටිලිවලට අපත් ජනතාවත් සූදානම් නෑ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි මහපොළවේ මතය, රටේ මතය. ඒ ජනතා මතය ඉටුකිරීමට අපි ප්‍රජාතන්ත්‍රවාදීව කැපවෙනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ පෙන්වා දී තිබුණේ මේ වනවිට රජය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ද ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමට, විෂයයන් පවරා ගැනීමට සහ ලේකම්වරුන් පත්කිරීමට මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ අධිකරණයෙන් වරදකරු කරන ලද ඕනෑම පුදගලයෙකුට සමාව දී නිදහස් කිරීමට ලැබී ඇති බලතල අහෝසි නොවන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...