නීතිවිරෝධී ලෙස රටින් පනින්න ගිය තවත් පිරිසක් අල්ලයි

Date:

සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, ත්‍රිකුණාමලය, නාවික තටාකාංගණයේ නාවික හමුදා කණ්ඩායමක් නිලාවේලී පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී එම ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය වීමට සුදානම්ව සිටි බවට සැක කෙරෙන වයස අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 12ක් සමඟ ත්‍රි රෝද රථ 02ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගන්නා ලදී.

අනතුරුව, එම අත්අඩංගුවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරුමත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පි 483 සහ පි 415 යන වේග ප්‍රහාරක යාත්‍රා යොදවා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැක කෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව, පිරිමි පුද්ගලයන් 45ක්, කාත්තාවන් 07ක් සහ කුඩා දරුවන් 03ක් ඇතුළු වයස අවුරුදු 03ත් 53ත් අතර වයසේ පසුවන පුද්ගලයන් 55 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මඩකළපුව, පුත්තලම, අම්පාර, රත්නපුරය, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී. එමෙන්ම, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා නිලාවේලි සහ උප්පුවේලී යන පොලිස් ස්ථානයන් වෙත භාර දීමට කටයුතු කරමින් පවතින අතර, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී වේගප්‍රහාරක යාත්‍රා මඟින් නාවික හමුදා භාරයටගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, නීති විරෝධී සහ අවධානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රම වලට හසුවී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...