ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 02 ක පරිත්‍යාගයක්

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 02 ක් වටිනා ඖෂධ හා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස මෙම සෞඛ්‍ය උපකරණ තොගය ලබාදීමට නියමිත අතර ඉදිරියේදී තවත් පරිත්‍යාග ලැබීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත, ආචාර්ය අලකා සිං මහත්මිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එහිදී අලකා සිං මහත්මිය පවසා තිබෙන්නේ ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය සියලුම සහයෝගය ලබාදෙන බවයි.

වත්මන් ආණ්ඩුව විසින් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය පවසා තිබෙන්නේ මාස කිහිපයක් තුළ අර්බුදය විසඳා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව සමත් වනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහයෝගය අගය කර ඇති අතර මීට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් දක්වන සහයෝගය පිළිබඳවද සිහිපත් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...