අවංකව සේවය කරමු …!

Date:

යම් ආයතනයක හෝ ඕනෑම සේවයක් සිදුවන ස්ථානයක වැඩ ආයතනයේ ප්‍රධානියාට පමණක් තනිව කළ නොහැක. එහි ඇති සියලු කටයුතු තමන් යටතේ ඉන්නා උප නිලධාරීන් වෙත සවිස්තරාත්මකව බෙදා බාර දිය යුතුයි. ඒ වැඩ මොනවාද, ඒවා හරියට සිදු වෙනවාද කියා බැලීම එම ප්‍රධානියාගේ රාජකාරිය මෙන්ම වගකීමකි .

නමුත් බොහෝ නිළදාරීන් සියලු වැඩ දැනට සිදුවෙන ආකාරයෙන් සිදුවීමට ඉඩ හරිමින් ඔහුගේ ලඟට ගෙනැවිත් දෙනු ලබන කඩදාසි අත්සන් කරලා, නිවාඩු ලේඛණය , වැටුප් ලේඛණය අත්සන් කරමින් කල් මරයි.

ඒ වටා ඇති විවෘත කිරිම්, සංගීත සැණකෙලි, ක්‍රීඩා තරග වල මුල්තැන ඔහුට ලැබේ. ඔහුගේ සහ ඔහුගෙ පවුලේ අයගෙ කාලය ගත වෙන්නෙ විනෝදයෙනි. ආයාතනයට දෙවි පිහිටයි. නමුත් අවසානයේ එම ආයාතනයේ ප්‍රශ්න ඇතිවෙලා පාඩු ඇතිවෙලා හැමෝම අමාරුවෙ වැටෙන අවස්ථා බහුලයි.

ඇතැම් ප්‍රධානීන් යමක් ගතමනාවක් හොයාගන්න තිබේද කියා සොයමින් ඇවැසි යට්කූට්ටු වැඩ පිලිවෙල හදයි. දූෂිත නිලධාරීන්ද ඔහු වටා එක් වෙයි.නිවස ලොකු කර ගන්න, නෑයො ටික අරගෙන තනතුරු දෙන්න තමා ලොකුම අරමුණ . ඉන් ඔහුගෙ හොඳ නම රැකෙනවා. ඔහුට සතුරන් ඇතිවන්නෙත් නැහැ.

එහෙත් ඇතැම් ප්‍රධානීන් තම ආයාතනයේ හැම අශයක් ගැනම වෙන වෙනම සිතමින් ඒ ඒ අංශ වල දියුණුව , කාර්යක්ෂම බව කෙසේ සිදු කල යුතු දැයි දිවා රෑ සිතමින් තම කාලය සහ ශ්‍රමය කැපකරයි. වියදම් අඩුකර, අනවශ්‍ය දේවල් කපා හරිමින් ආයාතනයට ලාභ උපයා දෙන්නේ කෙසේ දැයි නිතර සිතයි. වැරදි සහ දූෂිත උප නිලධාරින් ගැන විමසිල්ලෙන් සිටිමින් ඒ අයව මුලින් කරුණු පහදා දෙමින් හරිමගට ගැනීමට උත්සාහ කර එසේ බැරි වුනොත් ඔවුන්ට දඬුවම් කර හෝ ඉවත් කිරීම ඔහුගේ රාජකාරියයි.

කාලයක් තිස්සේ වංචා දූෂණ, හොරමැරකම් මුල්බැහැපු, අනවශ්‍ය වෘත්තීය සමිති අතපොවමින් මාෆියා ලෙස වැජඹුණු ආයතන හදන්න අමාරුයි..එවැනි සේවකයින් කොහෙත්ම කැමති නෑ වෙනස්වෙන්න..මොකද කාලයක් තිස්සේ වංචා දූෂණය ඔවුන්ගේ ප්‍රධාන ආදයම් මාර්ග වුණු නිසා..එවැනි තැනක ආයතන ප්‍රධානියාට අභියෝග වැඩියි..

ඒවගේම ධනාත්මක ආකල්ප සහිත පරිසරයක් තිබුණු ආයතන වල වැඩ කිරීම පහසුයි..දියුණුකරන්නත් පුළුවන් ..

ඔහු කළ තරමක් කලේ හොඳ වුවද , ඔහුට බාධක සහ සතුරන් ඇති වන්නේ එවිටයි.

අලුත් දෙයක් පටන් ගත්තොත් ඔන්න කොමිස් ගහනවා කියන්න අය මතුවෙති.
ප්‍රතිපාදන නැහැ කියමින් ඔහුට ඉහල නිලධාරීන් මැසිවිලි නගති.
වැඩේ බාලයි, හරි නැහැ, පුහු වැඩක් , මුදල් නාස්තියක් කියන්නත් පිරිස් මතුවෙති.
දූෂිත උප නිලධාරින් සතුරන් බවට පත් වෙති.

මේ සියලු කාරණා බොහෝ විට ඇත්තය. මන්ද මෙතෙක් මෙරට බහුලව සිදුවුනේ එයයි. එනිසා අපි හැමෝම ඒගැන බලන්නෙ වපර ඇසින්. එයට වරදක් කියන්න බැහැ.
නමුත් හැමෝම එහෙම නැහැ. හොඳ අවංක අයත් බොහෝ සිටිනවා. ඒත් වැඩේ කෙරීගෙන යනකොට තේරෙනවා ප්‍රධානියාගෙ අරමුණ.

හොඳ නිලධාරියෙකු නම් ආයාතනය දියුණු කරලා ලාබ ලබන එකක් කරාවි. ඒත් සතුරන් එකතුවී එම ප්‍රධානියා පන්නා දමා ඔවුන්ට දූෂණය කරගෙන යාමට පහසු කෙනෙකු ගෙන්වා ගනිති.

මේ මූලික කරුණු ගැන හිතුවාම අපේ රට අද බංකොලොත් වීමට හේතුව කාටත් තේරේවි. දැන් වත් අවංකව සේවයේ යෙදේ නම් මේ රට ආපස්සට යන එක මදකට හෝ නවතාලිය හැක.

  • රෂිකා සඳමාලි හෙන්නායක facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...