ලංවිම ප්‍රතිසංස්කරණට ජපානයේත් සහය!

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අංශයේ යටිතල පහසුකම් සංවර්ධනයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එම සහය ලැබෙනු ඇති.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වුණු අතර එහිදී එකී ප්‍රතිසංස්කරණ ගැන සාකච්ජා කර තිබේ.

ස්ථාපිත කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය සහ අරමුදල් ලැබෙනු ඇති අතර ඉදිරි මාස 12 තුළ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ සංක්‍රාන්ති සැලැස්ම ක්‍රියාත්මක කිරීම ලේකම් කාර්යාලයට පවරා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...