රටේ පැත්ත ගන්නේ කවුද, රට වනසන කල්ලිය එක්ක ඉන්නේ කවුද කියලා අද රටටම පෙනෙයි!

අප හිට ගන්නේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව සමග ද, රට විනාශ කරන පොහොට්ටු සෙවණැලි ආණ්ඩුව සමඟ ද යන්න තීන්දු කළ යුතු බවත්, බොරුව වංචාව පිරි ආණ්ඩුව සමග හිට ගන්නට හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට සහ එම පවුලට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වුවත්, ඊයේ අනීතිකව හැසිරුණු මහජන නියෝජිතයෙක්ට පාර්ලිමේන්තු පැමිණ ඡන්දය දීමේ හැකියාව උදා කොට ඇතැයි ද ඇතැයිද විපක්ෂ නායක පැවසීය.

ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල වැඩි කොට ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කළ විපක්ෂ නායකතුමා විදුලි බිල වැඩි කොට ඇති ආකාරය සහමුලින්ම වැරදි යැයිද පැවැසීය.

කොමිෂන් සභාවේ නිඟහැර අමාත්‍ය මණ්ඩලය මෙලෙස මිල වැඩි කලේ කෙසේදැයි පැහැදිලි කළ යුතු යැයි පැවසූ විපක්ෂ නායකතුමා මේවාට එරෙහිව මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවද පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධ වූ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...