ශ්‍රී ලංකාවෙන් කසකස්තානයට හොඳ සටනක්

Date:

උස්බෙකිස්තානය සමඟ පැවති තරගයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ නැවත වරක් කසකස්තානය ඉදිරියේ ද පරාජයට පත් විය.මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට වසර දෙකකට පසුව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගාවලිය ලෙස සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී කසකස්තානයට දැවන්ත අභියෝගයක් එල්ල කරන්නට සමත් වුවත් සාර්ථකත්වය තරගය පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යාමට දක්වන අසමත්භාවය හේතුවෙන් අවසානයේ වට 3-1 ලෙස පරාජයට පත් විය.

පළමු තරගයට වඩා සාර්ථක වෙනසක් පෙන්නුම් කර ලිබරෝ ක්‍රීඩිකා දිලූෂා සංජීවනී මෙම තරගයේදී සිය යුහුසුලු වීමේ අවශ්‍යයතාවයත් සමඟ කල්පනාකාරී බවත් බොහෝ දුරට රැක ගනිමින් ක්‍රියා කිරීම කැපී පෙණින.නමුත් කසකස්තාන කණ්ඩායමේ ක්ෂණික ප්‍රහාරිකාව වරින් වර මතුව තරගය ඔවුන්ගෙන් ඈත්ව යාමට නොදී රැක ගන්නට කළ ප්‍රහාර බොහෝ විට සාර්ථක විය.ශ්‍රී ලංකාව පන්දු ආවරණයේදී දැල අසළ පෑ යම් යම් පසුබෑම් මෙහිදී වරින් වර දැක ගන්නට ලැබුණු අතර ඒ නිසා තරගයේ ලබා ගත් යම් යම් වාසිදායක තත්ත්වයන් ඔවුන් වෙතින් යළි ඈත්වන තත්ත්වයන් දකින්නට ලැබිණ.

ජාත්‍යන්තර තරග අත්දැකීම් මෙහිදී වඩාත් වැදගත් බව පැහැදිළි විය.එහිදී තරගයේ නොසෙල්වී රැදී සිටීමට අවශ්‍යය මානසික හුරුව ශාරිරික සවිය තරමට වැදගත් කාරණයක් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් එම මානසික ඒකාග්‍රතාවය වරින්වර ගිලිහී යන බවක් දකින්නට ලැබිණ.ඒ තත්ත්වයන් නිසා ඉහළින් පැමිණෙන සරල ගොඩ ගැනීම්වලට ලක් කළ යුතු පන්දු අනවබෝධය හේතුවෙන් සිය සීමාවේ නිදැල්ලේ බිම පතිත වන අවස්ථා ද දකින්නට ලැබිණ.එවැනි වරදවල් සමාව නොදිය යුතු අන්දමේ මූලික කාරණා අතපසු කිරීම් වුව,වැඩි තරග අත්දැකීම් සහිත වූවේනම් තත්ත්වය වෙනස් විය හැකි බව ඊ ළඟ තත්ත්පරයේ ඔවුන් ක්‍රීඩා කරන ඉහළ මට්ටම දුටු විට හැඟේ.

කෙසේ හෝ තරගය පුරාවට නායිකාවක සේ තිළිණි වාසනා පෙරේරා පෑ දස්කම් ඉහළ මට්ටමක තිබිණ.ඇය මේ කොදෙව්වෙන් එපිට තරග අත්දැකීම් ඇත්තියක සේ බොහෝ දුරට තරගය පුරාවට හොඳ අවධානයකින් ක්‍රීඩා කිරිම සාර්ථක ප්‍රහාරයන්ටක් වඩා අවධානය යොමු කළ යුතු තත්ත්වය ය.උප නායිකා කවීශා ලක්ෂානි මෙන්ම අත්දැකීම් සහිත ඉරේෂා උමයංගනී මේ තරගයේදී යොදා ගත් ආකාරයද පැසසුම් සහගතය.

පන්දු සකසන්නිය ලෙස ක්‍රීඩා කරන කාංචනා පීරිස් ද මානසික සමබරතාවයක් සහිතව තරගයේ රැදි සිටියාය.නමුත් ඇයගේ පන්දු සැකසීම යම් ආකාරයකින් මීට වඩා උපායශිලී වූවේනම් මීට වඩා ලාබදායක වන්නට තිබුණු ඉඩ වැඩිය.තීරණාත්මක මොහොතවල් පසු කරමින් සිටින අවස්ථාවන් හී දී එහි වාසිය රැක ගන්නට හෝ වාසිය ලබා ගන්නට එල්ල කළ යුතු පහර පිළිබඳව ස්ථීර විශ්වාසයක් නොමැති කම තරග අත්දැකීම් සමඟ එන එකකි.එය තේරුම් ගැනීම අතිශයින් වැදගත් වන අතර මේ තරග සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය හෝ පරාජය දිනන පරදින වට ගණනින් තීරණය කරන්නට නොයෑම වැදගත්ය.කණ්ඩායමට තරගාවලියක් හිමි වෙන්නේ කොපමණ කාලයකට පසුවද යන්න සහ එහිදී කණ්ඩායමේ සංයුතියේ ඇති නවකත්වය ද සැළකිල්ලට ගෙන එම තීරණයට එළැඹිම වැදගත්ය.ඒ ආකාරයෙන් බලන විට ජය ගන්නට හැකියාව තිබූ තරග දෙකක්ම පරාජය වීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් යම් විවේචනයක් ඇති තිබෙන්නේ වුව ද,එම තත්ත්වය නිර්මාණය වන පසුබිමට සාපේක්ෂව අනාගතය වෙනුවෙන් මේ කණ්ඩායම රැක ගැනීමේ වැදගත්කම තේරුම් ගෙන ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීම කෙරෙහි බලධාරීන් විවිධාකාරයෙන් සිතිය යුතුව ඇති බවත් මතක් කිරීම වටින්නේය.
සමස්ත තරගය පහත සඳහන් කරන සබැඳියෙන් නරඹන්නට හැකිය.

https://www.youtube.com/watch?v=6N886MJO7jc

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...