*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

PUCSL සභාපති කරන්නේ දේශපාලන ගැලරිය පිනවීම – ඇමති කංචන

කොළඹ LNW:ස්වාධීන කොමිසමක සභාපතිවරයාට දේශපාලන තීන්දු ගත නොහැකි තර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන ගැලරිය පිනවමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.

ඒ,අද (24) මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සදහා වන යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

රජය පත් කරන ඇමතිවරු තීන්දු තීරණය කිරීමට කොමිසමක සභාපතිට නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමට තිබෙන වගකීමක වන්නේ රජය විසින් ලබාදී තිබෙන විදුලි බල කර්මාන්තය නියාමනය කිරීම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ආණ්ඩුව ස්වධීන කොමිෂන් සභාවලට පහර එල්ල කරන බව පෙන්වීමට විපක්ෂය හා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා උත්සහ කරමින් සිටින බවයි විජේසේකර මහතා කියාසිටියේ.

”මේ යෝජනාවෙන් සිදුවෙන්නේ ස්වාධීන කොමිෂන් සභාවක් වහල දැමීමක් නොවේ. ස්වාධීන කොමිෂන් සභාවක සිටිය යුතු පුද්ගලයින් පත් කිරීමට අවස්ථාව සළසා ගැනීමටයි. දේශපාලන ගැලරිය පිනවීමට සභාපතිවරයා සිදු කරනවා. ස්වාධීන කොමිසමක සභාපතිවරයාට දේශපාලන තීන්දු ගන්න බෑ.රජය පත් කරන ඇමතිවරු තීන්දු තීරණය කරන්න බලයක් නෑ. මහජන උපයෝගිතා කොමිසමට තිබෙන වගකීමක් නොවේ එය. කොමිසමට තිබෙන වගකීම තමයි,රජය විසින් ලබාදී තිබෙන විදුලි බල කර්මාන්තය නියාමනය කිරීම.

2014 සිට නිසි කලට මහජන උපයෝගිතා කොමිසමෙන් වරදක් වෙල තිබුණා. නිසි කලට විදුලි ගාස්තු සංශෝධනය නොකළ නිසා, විදුලි බල මණ්ඩලයත් අකර්මන්‍ය වී තිබෙනවා. මහාභාණ්ඩාගාරය බරපතල හානියකට පත් වී තිබෙනවා.ගාස්තු සංශෝධනය අවුරුදු 09කට පස්සේ සිදු කිරීමට වීම නිසා විශාල බරක් පාරිභෝගිකයා ට දරන්න සිදු වෙලා තිබෙනවා. මේ කටයුත්තෙන් පසු විදුලි බල මණ්ඩලය ලෙස,මෙම ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදු වූ පාඩුව පියවා ගැනීමට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.

මේ රටේ ජනතවට අඛණ්ඩව විදුලිය ලබාදීමට රජය මෙන්ම විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. දේශපාලන මත තිබෙන්න පුළුවන්. ගාස්තු වැඩි කරන්න රජය හෝ කවුරුත් කැමැති නෑ. අවාසනාවන්ත තැනකට ඇවිත් තියෙන්නේ. ජනන සැලසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධන වගකීම තිබෙන්නේ මහජන උපයොගිතා කොමිෂන් සභාවටයි.අලුත් විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ මහජන උපයෝගිතා කොමිසමටත් සංශෝධනයක් ගේනවා. ඒ සංශෝධනය ගේන්නේ මහජන උපයෝගිතා කොමිසම මේ රටේ වගකිව යුතු ආයතනයක් ලෙස කටයුතු කළ යුතු යන තීරණය මත” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan