ගෘහාශ්‍රිත ඩෙංගු බෝවීම 8%ක් වෙද්දී ඉදිකිරීම් පරිශ්‍ර තුළ 40%ක් දක්වා ඉහළට!

Date:

කොළඹ LNW:ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුව ඇත්තේ ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතව වන අතර එය 40%ක් බවත් ගෘහාශ්‍රිත ඩෙංගු මදුරුවන් බෝවීම 8%ක් පමණ වන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාශල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතා පවසයි.

මෙවර ගෘහාශ්‍රිතව එම වර්ධනය 8%ක් බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම පාසල් සහ ආගමික පරිශ්‍ර තුළද ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි බැවින් පාසල් තුළ සෑම සිකුරාදා දිනයකම පැය භාගයක් පමණ ගෙන පාසල් පරිශ්‍රය පිරිසිදු කරගන්නා ලෙස උපදෙස් දී ඇති අතර එමෙන්ම ජනතාව ලබා දෙන උපදෙස් පිළිනොගන්නේ නම් නඩු මඟට හෝ යන ලෙස ප්‍රජා පොලීසියට උපදෙස් දී තිබෙන බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා පවසයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු අධි අවදානම යම් දුරකට පහව ගොස් තිබුණද තවමත් එම පාලන මෙහෙයුම් අවසන් නොමැති බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ.

ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා තවදුරටත් කාර්ය සාධන බලකායේ මැදිහත්වීමෙන් එම පාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින සියලුම පාර්ශව කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...