Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ආර්. රාජකුමාරි වෙනුවෙන් යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතා ව්‍යාපාරයක්!

ආර්. රාජකුමාරි ඝාතකයින් හෙලි කරනු!

පරීක්ෂණ කඩිනම් කරනු!

ආර්. රාජකුමාරිට යුක්තිය!

ගෘහස්ත කම්කරු අයිතිවාසිකම් නීතී ගත කරනු!

යන සටන් පාඨ මුල් කරගෙන නිහඬ විරෝධතා ව්‍යාපාරයක් අද (24) දින දහවල් කොළඹ අලුත්කඩේ අදිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විනි.

පසුගිය 11 වෙනි දින රන් ආභරණ හොරකමක් සම්බන්දයෙන් වැලිකඩ පොලීසියට ලද පැමිනිල්ලක් මත ආර්. රාජකුමාරි නැමති කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් අතරතුර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය යාමේ සිද්ධිය සම්බන්දයෙන් වහා පරීක්ෂණ පවත්වා මිය ගිය අයට සහ එම පවුලේඅයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ප්‍රොටෙක්ට් සංවිධානය මෙහෙය වීමෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විනි.

සියලුම ඡායාරූප නරඹන්න!

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.