ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට වැටුණු තරුණයෙකු මරුට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව ආසන්නයේ ඇති ගුවන් පාලමෙන් අධිවේගී මාර්ගයට ඊයේ (24) රාත්‍රියේ වැටුණු තරුණයකු මරණයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන්ගත මෝටර් රථයක ද ඔහු ගැටී ඇති බව සඳහන්.

මෙහිදී බරපතළ තුවාල ලැබූ මෙම තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරුමුවට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

කෙසේවෙතත් ඔහු ගුවන් පාලම මත සිට අධිවේගී මාර්ගයට පැන්නාද, නැතහොත් කිසිවකු විසින් ඔහුව පාලමෙන් පහළට තල්ලු කළාද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන සිදුකරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...