රුසියාවෙන් යුක්රේනයට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර!

Date:

සටහන – පුලී
මැයි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉකුත් සිකුරාදා සිට යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් සිවිල් වැසියන් 56 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියෙව් වෙත පමණක් රුසියාව ඩ්‍රෝන යානා 250 ක් සහ බැලස්ටික් මිසයිල 14 ක් දියත් කළ බව යුක්රේන ගුවන් හමුදාව පැවසූ අතර එමඟින් නේවාසික ගොඩනැගිලිවල ගින්නක් පවා ඇති වූ බව සඳහන්.

අගනුවර මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර යුද්ධය ආරම්භ වූ දා සිට නගරයට එල්ල වූ විශාලතම ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකිය.

මේ දක්වා මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 245 ක් බිම හෙළූ බව යුක්රේන ගුවන් හමුදාව පැවසීය.

තුර්කියේ දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලින් පසු එකඟ වූ සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා රුසියාව සහ යුක්රේනය සහභාගී වන රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල විය.

දුෂ්කර රාත්‍රියකින් පසු සෙලෙන්ස්කි පැවසුවේ කියෙව් පුරා ගිනි ගැනීම් සහ පිපිරීම් සිදුවී ඇති අතර නිවාස, ව්‍යාපාර සහ මෝටර් රථ වලට ප්‍රහාරවලින් සුන්බුන් වැටීමෙන් තවත් හානි සිදු වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...