ඖෂධ හිඟයේ ඇතුල් පැත්ත..

Date:

රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :

ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ මහතා,

“අපිත් කියනවා ඖෂධ හිඟයක් තියෙනවා. ඒ්ක අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ් තදබදය තාම තියෙනවා. ඒ්ක නිසා අපේ සැපයුම් ජාලයේ වරින්වර දුර්වලතා ඇති වෙයි. සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 150ත් 180ක වගේ හිඟ තාවයක් ඇතිවෙනවා. ඒ්ක අපි පිළිගන්නවා. මුළු ලංකාවේම නෙමෙයි ඒ් හිඟ තාවය ඇතිවෙන්නේ අපේ ප්‍රධාන ගඩාව තුළ. මේකට හේතුව තමයි ලංකාවට බෙහෙතක් ආපූ ගමන් බලන්නේ ඒක පුළුවන් තරම් ඉක්මනට බෙදලා දාන්න තමයි. රෝහල් මට්ටමින් ගත්තාම ඒ් හිඟ තාවය තියෙන්න ඖෂධ හතලිස් ගාණක් විතර. අපි කිසිම දෙයක් වහලා නෑ. ඔය 180 කියන්නේ අපේ දත්ත පද්ධතියේ පෙන්නවන දේ ඒ් ඖෂධ හතලිස් ගණනම මිලදී ගන්න ඉතාමත්ම ලොකු මුදල් ප්‍රමාණයක්. “

“පසුගි වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට අපි යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් අපි යොමු කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා. අපේ ප්‍රධාන ඖෂධ ගබඩාවේ තියෙන ඖෂධයක් වුණත් අනාගතයේදී හිඟ වෙන්න පුළුවන්නම් රෝහල් බලධාරීන්ට පුළුවන් ඒ් මිලදී ගැනීම කරන්න. එහෙම ක්‍රියාත්මක වුණොත් ඖෂධ හිඟ කියන කතා එන්නේ නැහැ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...