දුෂ්කරයි ජීවීතේ !

Date:

මේ දිනවල මිනිසුන් ට ජීවත්වෙන්න හරිම අමාරුයි..දුප්පත්, පහළ මධ්‍යම, ඉහළ මධ්‍යම කියල වෙනසක් නෑ..හැමෝටම තම තමන්ගෙ එදිනෙදා කටයුතු කරගන්න අමාරුයි..

මම දකින්නෙ එය වැඩියෙන්ම දරාගන්න අමාරු පහළ මධ්‍යම සහ ඉහළ මධ්‍යම පාන්තිකයින්ට කියල..
දුප්පත් මිනිස්සු හැමදාම නිහඬවම දුක දරාගෙන ඒක තමන්ගෙ කරුමය කියල විශ්වාස කලා..සමහරු නීතිවිරෝධී දේට ඇබ්බැහි වුණා.සමාජය ඔවුන් කුඩුකරයෝ මංකොල්ලකාරයෝ කියල හංවඩු ගැහුවා..ඔවුන්ගෙ පැත්තෙන් ඔවුන්ගෙ දුක වේදනාව, ඔවුන් මුහුණපාන අසාධාරණය කවුරුත් තේරුම්ගත්තෙ නෑ..

නමුත් ඔවුන් එහෙමයි කියල සාමාන්‍ය මිනිස්සුන්ට බරපතල ලෙස හිරිහැර කරන්න ගියේ නෑ..ඔවුන්ට හැකි විදියට තමන්ගෙ ජීවිතයට මුහුණදුන්නා..සමහරු එයින් ස්වෝත්සාහයෙන් ගොඩ ආවා..

නමුත් අද පහළ මධ්‍යම ඉහළ මධ්‍යම පාන්තික මිනිසුන් ටත් ජීවිතය ගෙනියන්න බැරිවෙලා..හොඳින් සැපපහසුව තමන්ගෙ අභිමතාර්ථ වෙනුවෙන් තරඟකාරීව ජීවත්වුණු සාමාන්‍ය මිනිසුන් ට ඒ ජීවන අරගලය හොඳටම දැනෙන්න අරන්..

දැන් ඔවුන්ට බෑ ඒකට ඔරොත්තු දෙන්න දුප්පත් මිනිස්සු වගේ..ඔවුන් තමන්ට සිදුවන අපහසුතා වලින් වියරු වැටිලා..ඒ නිසා කරන්නෙ කුමක්ද, කළයුත්තේ කුමක්ද කියන එකවත් වටහාගන්න බැරි මට්ටමට ඇවිත්..
ඒකයි මිනිස්සු පාරට පැනගෙන පාරවල් අවහිර කරගෙන උද්ඝෝෂණය කරන්නෙ..අසාධ්‍ය ලෙඩෙක් අරගෙන යන්නවත් බැරි විදියට, බොහොම අමාරුවෙන් විභාගයට ලියන්න යන දරුවෙක්ට යන්න බැරි විදියට, අසාධ්‍ය ලෙඩෙකුට ඉක්මනින් ශල්‍යකර්මයක් කරන්න යන දොස්තර කෙනෙක්ට යන්න බැරිවිදියට පාරවල් හරස් කරන්නෙ..

ඉන්ධන, ගෑස් නැතුව මිනිස්සු දහසක් දුක් කරදර විඳිනකොට එන ගෑස් ලොරියට, ඉන්ධන බවුසරයට එන්න නොදී පාරවල් හරස් කරන්නෙ..

ඉන්ධන ගෑස් පෝලිම් කඩාගෙන තමන්ගෙ වැඩේ විතරක් කරගන්නෙ ..ඉන්ධන සැරින් සැරේ අරන්ගිහින් ආත්මාර්ථකාමී විදියට ගබඩාකරගෙන වැඩි මිලට විකුණන්නෙ..

තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තම තමන්ගෙ වාචාල කටවල්වලින් වොයිස්කට් දෙමින් පාලකයින්ට කෙසේවෙතත් පාරෙ යන අහිංසක මිනිසුන් ට හිරිහැරකරමින් වීරයො වීරවරියො වෙන්න හදන්නෙ…

රට මේ තත්වයට ඇදල දාපු අයයි, මේ අයයි අතර ලොකු වෙනසක් නෑ..මොවුනුත් එදත් ආත්මාර්ථකාමී මිනිස්සු ..අදත් ආත්මාර්ථකාමී මිනිස්සු ..එච්චරයි ..

හැබැයි බහුතර අහිංසක සාමකාමී ජනතාවක් මේ ඔක්කොම ආටක නාටක වලින් තැලෙනවා..ඔවුන් මීඩියාවලට පැනල වොයිස් කට් දෙන්නෙ නෑ..ඔවුන් මේ කරුම කාලයේ පුළුවන් විදියට අනුන්ටත් උදව් කරමින් තම තමන්ගෙ එදිනෙදා කටයුතු බොහොම අහිංසක විදියට ඉටුකරගන්න හදන්නෙ.
සාධාරණය වහාම ඉටුවියයුතුයි ඔවුන් වෙනුවෙන්..මේ රට මේතත්වයට ඇදල දාපු සියළුම දෙනා මේවාට වගකිව යුතුය .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...