මට හමු වූ හොඳම මුදල් ඇමති අලි සබ්‍රි – මහ බැංකු අධිපති කියයි

Date:

‘මට හම්බවෙච්ච හොඳම මුදල් ඇමති තමයි අලි සබ්‍රි’ මෙසේ පවසන්නේ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතායි. සිය සමීපතමයන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.

අලි සබ්‍රි මහතා යළිත් මුදල් ඇමති තනතුරට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට දැඩි බලපෑම් එල්ල වූ අතර නන්දලාල් වීරසිංහ මහතාද අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳව ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

ඊයේ දිනයේදීද නන්දලාල් වීරසිංහ මහතා, අලි සබ්‍රි මහතා මුදල් ඇමති තනතුරට පත්කර ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ.

එල්ල වන බලපෑම් හමුවේ අලි සබ්‍රි මහතා යළිත් මුදල් ඇමති තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාද දැඩි උත්සාහයක් ගත් නමුත් ඒ සෑම අවස්ථාවකදීම සබ්‍රි මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. මුදල් ඇමති ධුරය බාර නොගන්නැයි සබ්‍රි මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර විශේෂයෙන් ඔහුගේ පුත්‍රයා දැඩි විරෝධය පළකර තිබේ.

මෙම තත්වය මත මුදල් අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා යටතේ මහ බැංකු අධිපති තනතුර දැරීමට සූදානම් නොමැති බවයි. ජනාධිපතිවරයාගේ අරාධනාව මත ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ මහ බැංකු අධිපති ධුරය බාරගත් නන්දලාල් වීරසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය ජුනි මස 30 වැනිදා අවසන්වීමට නියමිතය. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස පත්වීම හේතුවෙන් සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනෙතක් හෝ නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කිරීම අවිනිශ්චිත වී තිබේ.

මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් පසුව මහ බැංකු අධිපති තනතුරට පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නන්දලාල් වීරසිංහ මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ.

කෙසේ නමුත් ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා එතරම් කැමැත්තකින් පසු නොවන බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ වනවිට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අදාලව ආණ්ඩුවට සහායවීමට පත්කළ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...