*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

මුදල් ඇමතිකමට හර්ෂ ද සිල්වා?

ගතවූ මාස දෙක තුළ හර්ෂ ව මුදල් ඇමතිකමට පත්කළ යුතු බවට, හර්ෂ ව අගමැතිකමට පත්කළ යුතු බවට අප සමාජ මාධ්‍ය පෝස්ටු බොහෝ දුටුවා. දැන් හර්ෂ ව වැඩබලන ජනපති ලෙස පත්කළ යුතු බව ද කියවෙනවා? හර්ෂ ද සිල්වා ඒ තරම් ම විශේෂ ද? හර්ෂ ද සිල්වා තරම් පුද්ගලයකු තවත් නැති ද? ඔහුගේ පසුබිම කුමක්ද? ඔහුගේ අත්දැකීම් මොනවාද?

ඔහුට ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (PhD) තිබෙනවා, ඔහු ඩීඑෆ්සීසී බැංකුවේ වැඩකර තිබෙනවා, ඉන් පසුව තම බිරිඳ ද සමඟ පවත්වාගෙන පර්යේෂණ ආයතනයක් විකුණා දමනු ලැබුවා. පසුව ඔහු විශේෂඥයකු ලෙස කටයුතු කරනු ලැබුවා. ඉන් ද අනතුරුව, ඔහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූවා. වත්මන් අගමැති ඔහුව පාර්ලිමේන්තුවට පත්කරනු ලැබුවා. ඔහු අවසන් වරට හෙබවූයේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය. ඔහු විසින් අත්කරගත් කැපී පෙනෙන සාධනයන් මොනවාද? ඔහු කළ ප්‍රකාශ වලින් ඔබ්බට සහ ගිලන්රථ සේවාව හැරුණු විට ජනතාවට සේවාවක් ඉටුවුණු ව්‍යාපෘති පිළිබඳව කිව හැකි ද? අපිත් දැනගන්නට කැමතියි?

මුදල් අමාත්‍යංශය වගේ අමාත්‍යංශයකට නායකත්වය දෙන්න ඔහුට පසුබිමක් තිබෙන බව ඇත්තයි. ඔබ ඔහුව අවසන් වරට හිටපු මුදල් අමාත්‍යවරුන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සමඟ සන්සන්දනය කර බැලුවහොත්, ඔහු අනිවාර්යයෙන් ම දැවැන්තයෙක්. එහෙත් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු ද සිටිනවා. ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ උපාධිධාරියෙකු සහ හිටපු රාජකීය විද්‍යාලයේ ආරම්භක පිතිකරුවෙකු වන එරාන් වික්‍රමරත්න මේ අතර කැපීපෙනෙන කෙනෙකු වන සේම, හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වඩාත් සුදුසු පුද්ගලයකු බවයි ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ. එන්ඩීබී, ඒබීන් අම්රෝ ආදී බැංකුවල සේවය කර ඇති ඉහළ පෙළේ බැංකු වෘත්තිකයකු වන ඔහු පාර්ලිමේන්තුවට පැමිණයේ, ඉලක්කම් සයක වැටුපක් ලබන වාණිජ බැංකුවක ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් හැර දමමින්. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා බැංකුකරණයේ වර්තමාන අර්බුදයන් සලකා බැලීමේදී ඔහු හර්ෂ ද සිල්වා ට වඩා බොහෝ සුදුසු අපේක්ෂකයෙක්.

මූල්‍යකරණය හෝ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයකු නොවූවත් මොරටුව විශ්ව විද්‍යාලයේ අතිවිශිෂ්ට නිශ්පාදනයක් වන චම්පික රණවක ද මේ අතර සිටිනවා. මෙම විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ හොඳම සිසුන් පිරිස පමණි. මේ අතර සජිත් ප්‍රේමදාස ද සිටිනවා. ඒ අනුව, කතා කිරීමේ න්‍යාය එකක්, වැඩකර ප්‍රතිඵල ලබාගෙන පෙන්වීම තවකක්. අපට හර්ෂ ද සිල්වා ගේ ප්‍රකාශ විශ්ලේෂණය කර බැලීමට අවශ්‍යතාවයක් නැහැ. මහජනතාව සිතන්නේ අද සිටින 225 දෙනාම විහිළුකාරයන් බවයි. ඒ අනුව, ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ ගොඩනැඟීමට ඔහුගේ ප්‍රකාශ සලකා බලනු වෙනුවට, මතුව ඇති දැවැන්ත අර්බුදය හමුවේ රටට උදව් කිරීම වඩා යෝග්‍යය. එසේ නොමැති නම් ජාත්‍යන්තර ප්‍රජාව බියගන්වමින් මානුෂීය වැඩසටහන් වලට ඔවුන්ගෙන් ලැබෙන ආධාර නවතා නොදමා කටපියාන සිටීම නුවණට හුරුය.

මන්ද, මේ අන්දමින් දේශපාලඥයන් තම ‘ශබ්දයේ ක්‍රීඩාවේ’ නියැලෙන අතරේ, පෙට්‍රල් පෝලිම් දිනෙන් දින දිගුවනවා. දේශපාලඥයන් මෙන් ප්‍රධාන පද්ධතියෙන් පරිබාහිරව ඉන්ධන ලබාගැනීමට තරම් ජනතාව වාසනාවන්ත නැහැ. එක්වීමෙන් අපට මෙම අර්බුදයෙන් එළියට පැමිණීමට හැකියි. එසේත් නැතිනම්, අප සදාතනික විනාශය කරා යාවි, තරුණ පරම්පරාවේ ජීවිත ද, ඉපදීමට සිටින දරුවන්ගේ ද ජීවිත ද විනාශ කරාවි.

ඇඩොල්ෆ්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan