පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවන් දෙදෙනෙකුට ඇප !

Date:

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු ඇපමත මුදා හැරීමට ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය. කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ මහතාගේ නියෝගයක් අනුව, රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් මත සැකකරුවන් නිදහස් කර තිබේ.

මෙසේ ඇපමත නිදහස් කර තිබෙන්නේ බෝම්බ්‍ පුපුරවා ගනිමින් මරණයට පත් වූ මොහමඩ් ඉල්හාම් සහ මොහමඩ් ඉන්සාෆ් යන දෙදෙනාගේ පියා සහ සහෝදරයෙකි.

සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා යන දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම නඩුවේ 03 වැනි සැකකරු ලෙස නම්කර සිටින පුද්ගලයාද ඇපමත නිදහස් කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහුට ඇප ලබාදීම මහේසත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...