ශ්‍රීලනිපයෙන් තව එන්න ඉන්නවා, බලමු විනය පරීක්ෂණ තියයිද කියලා – මහින්ද අමරවීර

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔවුන්ට ඉදිරියේදී රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

වනජීවී අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමන් ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ වූ පිරිස තවදුරටත් ශ්‍රීලනිප සාමාජිකයන් ලෙස කටයුතු කරන බවත් ඇමති ධුර බාර ගැනීමට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් ලබන සතියේදී පක්ෂය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

ඇමති ධුර බාරගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු නොවන බවත් මේ දක්වා එවැනි කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තමන් ඇතුළු පිරිසගේ තිබෙන වැදගත්කම පිළිබඳව මනා අවබෝධයකින් සිටින බැවින් තමන් ඇතුළු පිරිස පක්ෂයට අහිමි කරගනු ඇතැයි බලාපොරොත්තු නොවන බවද අමරවීර මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...