*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

අපේ ළමයින්ට දැනෙන දුක රජයේ සේවකයන්ටත් දැනුනා නම් අද මේ රටට මෙහෙම වෙන්නේ නැහැ – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආණ්ඩුවේ කර අඹරයි (VIDEO)

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංසදය විසින් අද (25) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මේ වන විට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ගැනත් මින් ගොඩ ඒමට එම ව්‍යවසායක ප්‍රජාව නිසි ලෙස යොදා ගන්නා ලෙසත් එහිදී අවධාරණය කෙරුණි.

ව්‍යවසායක කර්මානත්ය ඇතුළු පෞද්ගලික අංශයේ සේවය කරන දරුන්වගේ දුක රජයේ සේවකයින්ටත් දැනුනේ නම් අද මේ රටට මෙවන් විපතක් අත් නොවන බවයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශෂිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන එම සඳහා එම ව්‍යවසායක ප්‍රජාව මාර්ගය සකසා දුන් නමුත් අපේක්ෂා නොකළ පරිදි අද රට හැම අතින්ම කඩා වැටෙමින් තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

ජනාධිපතිවරයා වෙනුවෙන් චිත්‍ර ඇඳි තරුණ දරුවන්ම අද ඔහුව ප්‍රතික්ෂේප කරන තැනට පත්ව ඇති අතර නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාද ජාතිය අමතා කළ පළමු කතාව ව්‍යවසායකයින් ලෙස අපේක්ෂා නොකළ කතාවක් බවයි ඇය කියා සිටියේ.

”අපේ ළමයින්ට දැනෙන දුක රජයේ සේවකයින්ටත් දැනුනා නම් අද රට වෙනස්. අද රට මෙතන නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක දැනෙන්න දෙන්න තිබුණා. එතුමන්ලාගෙන් අහන්න තිබුණා මීටින් එකක් අරගෙන යෝජනාව මොකක්ද කියල. අපි එහෙමයි වැඩකරන්නේ. මේ පෞද්ගලික ආයතන දිනපතා අපේ සේවකයෝ ගෙනල්ලා මීටින් තියල මේ ක්‍රයිසිස් එකෙන් ගොඩඑන්න ඔවුන්ගේ යෝජනා අහනවා. මේ ව්‍යවසායකත්වය පවත්වාගෙන යන්නේ එහෙම. ඔවුන් ස්වේච්ජාවෙන් කියනවා ව්‍යාපාර තියාගෙන යන්න කන වියදමෙන් පඩිය තියාගෙන යන්නම් කියල. නමුත් ඔබගේ රජයේ සේවකයා ඔබතුමාට දක්වපු දායකත්වය මොකක්ද? ඇයි ප්‍රින්ට් කරලා පඩි දෙන්න තරම් තැනට වැටුණේ. අපි ව්‍යවසායකයෝ විදිහට ඒක අහනවා. මේ රට වැටෙන එක ගැන අපි කලින් දැක්කා. ව්‍යවසායකයෝ දුර දකිනවා. මුදල් අමාත්‍යාංශයට මේක හොඳටම පේනවා. අපි මීටින් වලට ගිහින් යෝජනා දුන්නා. අපි කිව්වා මුදල් ප්‍රින්ට කරන්න කමක් නැහැ. ඒක දෙන්න සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත වලට කියල. එතනින් එක්ස්පෝර්ට් මාර්කට් එකක් කරගන්න කියල. නමුත් ඔබතුමන්ලා ඒක දැම්මා බ්ලැක් මාර්කට් එකට. ඩොලර්ස් ටික ගියා පිටරටට. මේවා හංගන්න ඕනේ නැහැ. අපි තාම නිහඬයි. තවම අපි පාරට බැහැල නැහැ ව්‍යවසායකයෝ විදිහට. මොකද අපිට මේ රට අවශ්‍යයි. ලොකු කම්පැනි එන්නේ ලාභය හූරගෙන යන්න. සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත තමයි රටේ කොඳු නාරටිය. ඔවුන් රට වැටෙනකොටත් අල්ලාගෙන ඉන්නවා. එහෙම ඉන්නේ මේ රට දාලා යන්න නෙවෙයි. ඔබතුමන්ලා හිතුවට මේ පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට ප්ලෑන් කළාට අපි ඉන්නේ රටේ ව්‍යවසයකත්වයට. අපිට අවුරුදු පහක ගේම් එකක් නෙවෙයි තියෙන්නේ. අපේ තියෙන්නේ ව්‍යවසායකත්වය දියුණු කරලා,කර්මාන්ත දියුණු කරලා අපේ රට ස්වයංපෝෂිත කරන ප්ලෑන් එකක්.”

එහෙත් රට වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කර්තව්‍ය ඉටුකරගැනීමට රජය ක්‍රියා නොකරන බවයි ඇය අවධාරණය කළේ.

රට ඉදිරියට ගෙන යාම සඳහා මෙම ව්‍යවසායක ප්‍රජාවද සම්බන්ධ කරගන්නා ලෙස ඇය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan