චීන තර්ජනයන්ට එරෙහි Quad සමුළුව ඇරඹේ

Date:

Quad සමුළුව, ඊයෙ දින ආරම්භ කෙරිනි. මෙම සමුළුව ජපානය, ආමරිකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් 04 එක්ව, චීන තර්ජනයන්ට එරෙහිව සංවිධානගත වූ එකතුවකි.

උතුරු කොරියානු තර්ජනයන්ට එරෙහිවද මෙහි එකතුව සැදුම්ලත්ය. ජපානයේ ටෝලිකියෝහිදි සමුලුව ආරම්භ කෙරිනි.ජපන් අගමැති, ෆුමියෝ කිෂිඩෝ, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දිය අගමැති මෝදි සහ ඕසිට්‍රෙිලියානු නව අගමැති ඇන්තොනි ඇල්බනීස් යන නායකයින් සිව් දෙනමෛ් සඳහා එක්ව සිටි.

මෙම නායකයන් හතර නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ ස්ථීර කැපවීම වෙනුවෙන් ප්‍රතිඥා දී තිබේ.චීනය සිය ස්වෛරී භූමිය ලෙස විශාල දකුණු චීන මුහුදේ සියල්ලටම පාහේ හිමිකම් කියයි.

ඔවුන් එහි පහසුකම් ගොඩනඟා අර්ධ මිලිටරිකරණය කරමින්, දූපත් හමුදා කඳවුරු සහ ගුවන් පථ බවට පත් කරමින් සිටි. මේ පිලිබදව මෙම නායකයින් සිවි දෙනාගේ අවධානයට ලක් විය.

නැඟෙනහිර චීන මුහුදේ, ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත්, එනම් ඩයඕයු දූපත් කෙරෙහි චීනය සිය ස්වෛරීත්වය ප්‍රකාශ කර තබීමද මෙහිදි සාකච්ඡාවට ලක් විය.

එවකට ඕස්ට්රේලියානු අගමැති ජෝන් හොවාර්ඩ් , ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ එක්සත් ජනපද උප ජනාධිපති ඩික් චෙනීගේ සහාය ඇතිව 2007 දී ජපාන අගමැති ෂින්සෝ අබේ විසින් මෙම සමුලුව ආරම්භ කරන්නට විය.

2017 මැනිලා හි පැවති ආසියාන් සමුළුවේදී , ජපන් අගමැති ශින්සෝ අබේ, ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් , ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුක්තව ඔවුන් සිව්දෙනාම චීනයට යුධමය සහ රාජ්‍ය තාන්ත්‍රිකව එරෙහිව සටන් කිරීම සඳහා නිල වශයෙන් සන්ධාන ගත වීමට එකඟ වූහ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...