හිඟ ඖෂධ ගැන අගමැති වාර්තාවක් කැඳවයි!

Date:

රට තුළ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිග ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සාකච්ජා කිරීමට අද පැවැති සාකච්ඡාවකදීයි එලෙස උපදෙස් දී ඇත්තේ.

මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක පමණ හිඟයක් පවතින බවයි අනාවරණය වී තිබෙන්නේ.

එමෙන්ම දේශීය ඖෂධ සැපයුම්කරුවන් ට රුපියල් බිලියන 33 හිඟ මුදල් ගෙවිමට ඇති බව සඳහන්.

මීට අමතරව ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ මිලදී ගැනීම ඩොලර් නොමැතිවීම ඇති වු ගැටලූව නිසා රජයන් දෙක අතර සිදුකෙරනු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට එකඟ වී ඇති බවත් අගමැතිවරයා මෙහිදී කියා තිබේ.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලස්වා දීම වෙනුවෙන් එම අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...