රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තලංගම පොලිස් ස්ථානයට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම ස්ථානයට පැමිණි පසු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ (24) ඔහු නොපැමිණීමෙන් පසු අද(25) තලංගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇති බව පොලිසිය මීට පෙර තහවුරු කළේය.
බත්තරමුල්ලේ ජාතික යුද ස්මාරකයේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා වීරවංශ මහතා පොලිසිය හමුවේ පෙනී සිටියේය.


