කොළඹ LNW:ස්වීඩන රජය විසින් පිරිනමන ගෞරවනීය Per Anger Prize ජාත්‍යන්තර මානව හිමිකම් සම්මානයෙන්පි බිටෝ ප්‍රනාන්දු මහතා දුම් ලැබීය.
ඔහු රද්දොළුගම අතුරුදන්වූවන්ගේ ස්මාරකය අසලදී උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට ලක් වූ අතර මෙම අවස්ථාවට අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්විය.
ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් යුක්තිය සහ සත්‍යය ඉල්ලා දශක ගණනාවක් පුරා ගෙන ගිය අරගලය වෙනුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිව තිබුණි.
“ආදරණීයයන්ට කුමක් වීදැයි නොදැන ජීවත් වීම තරම් වේදනාවක් තවත් නැත” යන බිටෝ ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය මෙහිදී සිහිපත් කෙරිණි.
සම්මානය ස්වීඩනයේ සංස්කෘතික අමාත්‍ය Parisa Liljestrand මහත්මිය අතින් පිරිනමන ලදී.
Families of the Disappeared (FoD) සංවිධානය පිහිටුවමින් අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන බිටෝ ප්‍රනාන්දු මහතාට එම සම්මානය හිමි වූ අතර එම සම්මානය වෙනුවෙන් ඔහුව නිර්දේශ කර තිබුණේ Diakonie Deutschland සංවිධානය විසිනි.
මානව හිමිකම් ප්‍රජාව පෙන්වා දෙන්නේ මෙම සම්මානය බිටෝ ප්‍රනාන්දු මහතාට පමණක් නොව ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ පවුල්වල අඛණ්ඩ අරගලයට ලැබුණු ගෝලීය පිළිගැනීමක් බවයි.











