ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. තිබේ.
ඒ,එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මතය.
පසුගිය 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස ඇති වූ නොසන්සුන්තාව මුල්කරගෙන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මන්ත්‍රීවරයා අද තලංගම පොලීසියට කැඳවා තිබුණි.
ප්‍රකාශය ලබාදීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.


