ශ්‍රී ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන පරිත්‍යාගයක්…

රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 300ක් පමණ වටිනා කැබ් රථ 134ක් පරිත්‍යාග කර තිබේ.

මෙම වාහන තොගය නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ලබාදුන් මෙම රථ විශේෂයෙන්ම උතුරු පළාතේ පිහිටි පොලිස් ස්ථානවල රාජකාරී කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය මහකොමසාරිස්වරයා මෙරටට අඛණ්ඩව සහයෝගය දක්වන බව ප්‍රකාශ කළ අතර, එම පරිත්‍යාගය ඇගයීමට ලක් කරමින් පොලිස්පතිවරයා විසින් ඔහු වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම උත්සවය සඳහා අමාත්‍යවරුන් සහ දෙරටේම ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...