මාල දිවයින අනාගතයට අභියෝගයක්

Date:

මාල දිවයින සිය ක්‍රීඩා කේෂ්ත්‍රයේ අනාගතය සකස් කිරීම සඳහා සෑම කේෂ්ත්‍රයකම ජාත්‍යන්තර දක්ෂයන් සිය පොළවට කැඳවා ඔවුන්ගේ තරගකාරීත්වය සමඟ වැඩෙන්නට ස්වදේශීක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව සළසා දීම සාමාන්‍ය තත්ත්වයකි.වොලිබෝල් සම්බන්ධයෙන් ද මාල දිවයින එම ක්‍රියා මාර්ගයම අනුගමනය කළ අතර එහි වැදගත්කම මෙවර මධයම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත් විඳින්නට ඊයේ හැකි විය.

වසර දෙකකට පසුව ජාත්‍යන්තර පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මාල දිවයින ඉදිරියේ වට 3-0 ක් ලෙස ජය ගත්තද තෙවන වටයේදී ලකුණු 26 – 24 ක් දක්වා යමින් අනපේක්ෂිත අභියෝගයක් එල්ල කරන්නට මාල දිවයින ක්‍රීඩිකාවෝ සමත් වූහ.ශ්‍රී ලංකාව ද මේ තරගයේදී ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු අත්හදා බැලීමට ක්‍රියා කළ අතර ඔවුන්ගේ අත්දැකීම් මදකමේ ප්‍රයෝජනය මාල දිවයින සිය වාසියට හරවා ගත්තේය.විශේෂයෙන්ම ඊයේ අතර මැද තරගයට යොදා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ලිබරෝ ක්‍රීඩිකා නඳුනි නිසංසලා මාල දිවයින වේගවත් පිරිනැමිම් ඉදිරියේ සිය රිද්මය රඳවා ගන්නට අසීරු උත්සාහයක නිරත වෙනු දකින්නට ලැබිණ.එහෙත් වැරදීම් කිහිපයක්ම සිඳු කළ ද ප්‍රීතිකා ප්‍රමෝධනී මෙන්ම අයේෂා මධුරිකා ද හොඳ දස්කම් දැක්වීය.ඒ අතරින් ප්‍රීතිකා ගේ පන්දු පිරිනැමීම් ඉහළ මට්ටමක පැවතිණි.

තිළිණි වාසනා පෙරේරා,කවීශා ලක්ෂාණි සහ ඉරේෂා උමයංගනී ඊයේ දිනයේදී සිය කණ්ඩායම වෙනුවෙන් යහපත් මැදිහත්වීමක් දැක්වීය.තරගාවලිය පුරා බොහෝ අවස්ථාවන් පන්දු පිරිනැමීමේදී හොඳින් කළමණාකරනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ ප්‍රථම වටයේ දී වැරදි කිහිපයක්ම සිඳු කළහ.ඒ නිසාම තරගයේ පළමු වටයේ දී මාල දිවයින කණ්ඩායම ශ්‍රී ලංකාව එම වටය ජය ගන්නා විට ලකුණු 18 දක්වා පැමිණි සිටීම කැපී පෙණින.නමුත් දෙවන වටයේදී මාල දිවයිනට එරෙහිව සුපුරුදු දක්ෂතාවය රැදි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාව එම වටය ලකුණු 25 – 13 ක් ලෙස ජය ගත්ත ද,ශ්‍රී ලංකාව විසින්ම වරද්දා ගත් සුළු අවස්ථාවන් කිහිපයක් නොවන්නට එම වටය ඊටත් වඩා විශාල ලෙස ජය ගන්නට ඉඩ තිබිණ.

කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාවට මුල් කණ්ඩායම් හතරේ රැඳෙන්නට ඇති ඉඩ අහිමි වී ඇත.කසකස්තාන තරගය ජය ගැනීමට තිබුණ ඉඩ අහුරා ගැනීමෙන් වැළකි එම අවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවට උස්බෙකිස්තානයට එරෙහිවද ජය ගැනීමේ යම් හැකියාවක් තිබුණ බව පැහැදිළිය.ඒ වෙනුවෙන් මේ සංචිතය මේ ආකාරයෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙනාකාරයට පවත්වාගෙන යාම ශ්‍රී ලංකවට අතිශයින් වැදගත්ය.
ශ්‍රී ලංකාව නියෝජනය කළ බි කාණ්ඩයේ තෙවන තැන සිටිමින් අද ඔවුන් ඒ කාණ්ඩයේ සිව්වන තැන සිටින කිරිගිස්තානය සමඟ සටන් වඳින්නට නියමිතය.ඊයේ ශ්‍රී ලංකාවට පරාජය වූ මාල දිවයින අද සටන් වදින්නේ බංගලාදේශය සමඟය.එම තරගවලින් ජය ගන්නා කණ්ඩායමක් වන්නට ශ්‍රී ලංකාවට විශාල හැකියාවක් ඇති අතර ඒ අනුව හෙට දිනයේ මධ්‍යම ආසියාවේ පස්වන තැනට තරග කිරීමේ අවස්ථාව සහ එය ජය ගැනීමේ ඉඩක් ද ශ්‍රී ලංකාව සතුව ඇත.එය දෙවසරකට පසු මසක පුහුණුවකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා ගන්නේනම් අතිශයින් එම කණ්ඩායම සහ ඔවුන් මෙම සුළු කාලය තුළ ලැබූ ප්‍රගතිය ගැන පරාජයේ අමිහිර සමඟ විඳින්නට මිහිරියාවක් ද ඇති බව අප අමතක නොකළ යුතුය.

සම්පූර්ණ තරගය පහත සබඳතාවයෙන් නරඹන්නට හැකියාව ඇත.
https://www.youtube.com/watch?v=-1AbOmo6gcs

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...