ජනක රත්නායකට එරෙහි යෝජනාව සම්මත වුණේ රනිල්ගේ වහල්ලු නිසා!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වහල්ලු පාර්ලිමේන්තුවේ සිටීම නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව ගෙන ආ යෝජනාව සම්මප්ත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (25) උත්තර ලංකා සභාගය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ජනක රත්නායක මහතාව ඉවත්කරගැනීමට අවශ්‍ය වුණේ ඇමතිවරයාට අවශ්‍ය ලෙස අක්‍රමවත්ව විදුලි බිල වැඩි කිරීමට බවයි උන්වහන්සේ කියාසිටියේ.

”ජනක රත්නායකගේ අඩුපාඩු නෙවෙයි වැදගත් වන්නේ. ඇයි ඔහු අයින් කළේ කියන කාරණය. මේ ඇමැතිවරයාට දක්කන්න පුළුවන් කොමිසමක් තමා දැන් ඕන වෙලා තිබෙන්නේ. විපක්ෂයේ පැත්තෙන් රට යා යුතු මග පිළිබඳව හොඳ දැක්මකින් ඉදිරියට කටයුතු කළ යුතුයි. අපි ඉදිරියේදී විශාල මහජන ඒකරාශී කිරීමත් කළ යුතුයි. නැත්තම් යන විදියට රට නැති වෙනවා.
ලබන පෙබරවාරි,මැයි මාසය වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයක් තියෙන සූදානම් වන්නේ. රට වැටිච්ච වලින් ඔහු රට ගොඩ ගත්තා කියලා ජනතාවට පැහැදිලි කරන්න උත්සාහ කරනවා.” යනුවෙන් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...