යුපුන් අපේ ආඩම්බරය

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 26, කොළඹ (LNW): Anhalt Athletic Championship 2024 තරගාවලිය ජර්මණියේ දී නිමාය දුටුවේ එම ක්‍රීඩා උළෙලේ වේගවත්ම මිනිසාගේ කිරුළේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ යුපුනු අබේකෝන් සතු කරමින්.තරගාවලිය ආරම්භ වන විටත් මිටර් 100 ඉසව්වේ නියෝජනයන් අතර ඉදිරියෙන්ම සිටියේ යුපුන් අබේකෝන්.ඒ නිසාම තරගාවලියට සහභාගිවන තරු ක්‍රීඩක ගොන්නට යුපුන් අබේකෝන් ඇතුළත් වුණා.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ වර්ණ ක්‍රීඩා උළෙලක් හැටියට සංවිධානය වන මේ ක්‍රීඩා ක්‍රීඩා උළෙලට සහභාගි වන ඒ ඒ ඉසව්වල තරු ලකුණු තරගාවලිය ආරම්භයට පෙර ජනතාව ඉදිරියට කැඳවා ජනතාවගේ ආචාරය ඔවුන්ට ලබා දීම මේ තරගාවලියේ දී දුටු විශේෂ කරුණක්.එහිදී යුපුන් මෙන්ම ජිනී බාසා වැනි ක්‍රීඩිකාවන් ද තරගාවලියේ ඉදිරියෙන්ම සිටි තරු ක්‍රීඩා පිටිය වෙත හඳුන්වා දීම සඳහා කැඳවා ගෙන ආවේ වහල ආවරණයක් ඉවත් කර ඇති සුපිරි වාහනවලින්.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයට යුපුන් අබේකෝන් ජනතාවගේ ආචාර මැද ඔවුන්ගේ ආචාරය සහ ආදරය විඳිමින් කැබ් රථයකින් ගමන් ගන්නා අයුරුයි.ලෝකයේ ප්‍රබල ක්‍රීඩක කණ්ඩායමක් මැද සුවිශේෂීව මෙසේ යුපුන් ගමන් කරන විට ඔහුගේ නම පමණක් නොව අපත්,ඔහුත් අයත් වන රට ගැනත් නිවේදකයින් පවසනවා.ලෝකය ආදරය කරන සෑම කීර්තිමත් ලාංකියෙක්ම, ලාංකික අපට ලෝකය ඉදිරියේ ආඩම්බරය විය හැකි කාරණයක් සටහන් කරනවා.යුපුන් නියෝජනය කරන්නේ අපට ආඩම්බරය උපදවන කුලයයි.


රට ගැන අපට ආඩම්බර විය හැකි දේ ඉතා අඩුවෙන් දැනෙන,ලැබෙන වපසරියක යුපුන් වැන්නන් මහත් කැපවීමෙන් දිනවන්නේ තමන්ගේ අනාගතය පමණක් නොවේය.අපේ හදවතේ අපේක්ෂිත සතුටේ හිස් අවකාශයද ඔවුන්ගේ ඒ කැපවීමෙන් පිනා යයි.කිසිවෙකු අපේ රට ගැන විමසූ විට “අප ශ්‍රී ලංකාවේ” බව කී පසු “ඔහ් ඔබ යුපුන්ගේ රටේ” කියන පිරිසක් යුපුන් නිර්මාණය කර ඇත.ඒ අපට දෙන ආඩම්බරයේ වර්ගලපය තව දුරටත් පුළුල් කරන්නට පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ධාවන තරගයේ ඔබට හිමි මං තීරුවක් ලැබෙන්නයි තමන්ගේ විශ්වාසයන්ට අනුව යුපුන්ට ආශිර්වාද කරන්නට, අපි සියලු ලක්වාසීන්ට ආරාධනා කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...