මෙරට තුළ ISIS ත්‍රස්තයන් සොයන්න විශේෂ කමිටුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): අද (26) කඩුවෙල පැවති වෙසක් උත්සවයකට එක්වෙමින් , ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙරට පුද්ගලයින් සිටීදැයි සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශනයක් සිදුකෙරෙන බවද කියා සිටියේය.

පසුගියදා ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණු අතර, ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයින් මෙරට තුළ සිටින්නේදැයි සොයා ආරක්ෂක අංශ මගින් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...