පොහොට්ටුව කලාවැවෙන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අරඹයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අද (26) සිට අලුත් වටයකින් ආරම්භ කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන සම්මේලනය මේ වනවිට තලාව නගර මධ්‍යයේදී ආරම්භ වී තිබේ.

“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ මෙම සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ කලාවැව ආසන සංවිධායක එස්. එම්. රංජිත් මහතාගේ මෙහෙයවීම මත මෙම සමුළුව සංවිධානය කර ඇති බව සඳහන්.

අද සිට ආරම්භ වූ ආකාරයට දිවයින පුරාම ආසන සමුළු පවත්වමින් එම පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු අදියර සම්පූර්ණ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...