ස්වාධීන 4 දෙනා සජබට එකතුවුණා. දැන් මතුගම බලය අපේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත්වූ සභිකයින් සිව්දෙනා සමගි ජන බලවේගයට එක්ව තිබේ.

සජබ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ මැදිහත් වීමෙන් මෙම සභිකයින් 4 දෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙම තීරණයට එළඹ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජගත් විතාන මහතා,

“ඒ මන්ත්‍රීවරු 4 දෙනාම ඇවිල්ලා අපේ පක්ෂයේ සාමාජිකත්වය ගත්තා. ඒගොල්ලො මෙතන ඉන්නවා දැන්. අද ඉඳලා අපේ සජබට තව 4 දෙනෙක් වැඩිවුණා. එතකොට මාලිමාවට තිබිච්ච සිහිනය බොඳවුණා. අපි අද ඉඳන් ශක්තිමත් මතුගම ප්‍රාදේශීය සභාවක් බිහිකරනවා. ඒක දෙන්න. මතුගම ප්‍රාදේශීය සභාවේ අපට තියෙන්නෙ 10 යි, මාලිමාවට 13 යි. තීරණාත්මකව තිබුණෙ ස්වාධීන කණ්ඩායම. ඒ කණ්ඩායම අපේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරන් අපට එකතුවුණා. දැන් මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අපේ”

එසේම සජබ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉල්ලා අස්වීමෙන් උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

“සජබයේ ගැටලුවක් නැහැ ආසන සංවිධායකවරු කවුරු අස්වුණත්. මේකෙ නිර්නායක දීලා තියෙනවා නායකතුමා මේ ප්‍රතිශතය අනුව ඉහළම ප්‍රතිශතය ගත්තු කෙනාව නම්කරන්න කියලා. මම ප්‍රාදේශීය සභා 5ක සංවිධායක. මම නම්කරලා තියෙන්නෙ ඒ නිර්නායක අනුව. අපට විනයක් තියෙන්න එපැයි. අපට ඕනෙ ඕනෙ කට්ටිය නම්කරන්න බෑනෙ. මටත් හිතවත් කට්ටිය ඉන්නවා, ඒත් මම ඒ කට්ටිය නම්කරේ නෑ. ඉතින් ඒකට අස්වුණාට ආයෙ එයි …. අස්වෙලා කොහෙ යන්නද, මුහුදෙ පනින්නැයි ? මාලිමාවට යන්නද ? දැන් තියෙන්නෙ මේක තමයි ප්‍රබල විපක්ෂය. අනාගතයේ රට බාරගන්න ඉන්නෙ අපේ නායකතුමානෙ. ඉතින් ඒගොල්ලො ගිහිල්ලා එයි …”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...