කොක්කට කොක්ක:දයාසිරිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලන්න සැරසෙයි!

Date:

කොළඹ LNW:රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම නිසා ආන්දෝලනයට ලක්ව ඇති කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුව මෙම බහලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දීම සම්පූර්ණයෙන් නතර කර ඇතැයි පැවැසු මන්ත්‍රීවරයා සොන්ටේනර් නිදහස් කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුලු රේගු සටහන්කරය අධිකරණය මාර්ගයෙන් ලබා ගන්නා බව ද සඳහන් කළා.

ඒ අනුව එම හොරකමට අදාළ අනුමැතිය දී ඇත්තේ බිමල් රත්නායක ඇමතිවරයා බවටද දයාසිරි ජයසේකර චෝදනා කරයි.

“කන්ටේනර් 323 හිදහස් කිරීමෙන් වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ විශාලම වංචාව සිදුවෙලා, රේගු අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ ලිපියක මේ පිළිබඳව පැහැදිලිව තිබෙනවා. බහාලුම් තදබදයට පිළියම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්තළ කමිටුව මගින් ජනාධිපතිවරයා සහ කමිටු සභාපති ප්‍රවාහන, මහා මාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ව බහාලුම් නිෂ්කාශන කඩිනම් කිරීමට මේ බහලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙසට දැනුම් දුන් බව එහි දැක්වෙනවා. මේ සම්බන්ධව විනිවිදභාවය පදනම් කරගෙන රේගු දෙපාර්තමේන්තුවෙන් කන්ටේනර් 323 රේගු සටහන්කරයේ පිටපත් ඉල්ලා සිටියා. නමුත් තව ම තොරතුරු ලබා දී නැහැ. කන්ටේනර් නිදහස් කීමේදී රේගු බදු පැහැර හැරීම පිළිබඳව සෙවීමට, හොර බදු ඇල්ලීමට, කන්ටේනර් කඩා විවෘත කර බැලීමට, බදු එළියට ගිය විට පරීක්ෂණ කර සොයා බැලීමට රේගුවට අංශ 7ක් පමණ තියෙනවා. කන්ටේනර් 323 නිදහස් කිරීමේදී සොයා බැලීමට මේ අයට බලය දෙන්න තිබුණත් බිමල් රත්නායක ඇමතිවරයා දුන්නු නියෝගය කිසිවිටෙක එය සඳහන් කර නෑ, ඒ නිසා මේ කන්ටේනර් 323 ගියා ගියාමයි වෙච්චි දෙයක් නෑ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රේගු සටහන්කරය අපට අවශ්‍යයි. රේගු සටහන්කරය ඉල්ලූ විට ශ්‍රී ලංකා රේගුව තොරතුරු දැන ගැනීමේ පනතේ 5/ආ/ 01 වගන්තිය අනුව පෞද්ගලිකත්වය මේකෙන් එළියට එන බව සටහන් කර තිබෙනවා. අපිට උවමනා කර තිබෙන්නේ ඒකම තමයි. මේක ගෙනාපු පුද්ගලයා කවුද? මොවුන් මේ භාණ්ඩ යැව්වේ කොහොට ද? මේවායේ තිබුණේ මොනවාද? යැව්වේ මොනවාද? මේවා ලංකාවේ ගොඩ බා තිබෙනවාද? ඒවා ලංකාවේ පාවිච්චියට ගත්තාද කියා සෙවිය හැක්කේ රේගු සටහන්කරයෙන්.

මේ ආණ්ඩුව රේගු සටහන්කරය දෙන්නැතිව මේක වහලා තියෙන්නේ. මේ කන්ටේනර් 323 දැවැන්ත හොරකමක්. මේ හොරකමට අවශ්‍ය කරන අනුමැතිය දුන්නේ බිමල් රත්නායක. රුපියල් ලක්ෂ පහට දයාසිරි ජයසේකරට වංචාකරුවෙක් කියනව නම් බිමල් රත්නායක මේ කන්ටේනර් 323න් දැවැන්ත අපරාධකරුවෙක් බවට පත්වෙනවා. මේ ආණ්ඩුව හැමදාම තියෙන් නෑ. මේ ආණ්ඩුව ඉවරවෙලා එන පළමුවන මොහොතේ මේ කන්ටේනර් 323 ගැන අපි අනිවාර්යෙන් හොයන බව මන්ත්‍රීවරු, ඇමතිවරු සහ මේවාට උදව් කරන රාජ්‍ය නිලධාරීන් මතක තබාගත යුතු යි.” යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...