චීන-වියට්නාම ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ඇරඹේ!

Date:

කොළඹ LNW:වසර පහකට පසු චීනය හා වියට්නාමය අතර ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අංක T8701 දරන මගී දුම්රිය ඊයේ (25) චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ Nanning නගරයෙන් පිටත් වී වියට්නාමයේ හැනොයි නගරය වෙත ගමන් කළා.

වසර පහකට පසු චීන-වියට්නාම ජාතාන්තර මගී දුම්රිය සේවා යළි ක්‍රියාත්මක කිරීම ඒ අනුව සනිටුහන් කෙරුණා.

එම දුම්රිය සෑම දිනකම බෙයිජිං වේලාවෙන් 18.05 ට Nanning දුම්රිය ස්ථානයෙන් පිටත් වී පසුදින උදෑසන 6.30 ට වියට්නාමයේ හැනොයි (Huyện Gia Lâm ) දුම්රිය ස්ථානයට ළඟා වනවා. එමෙන්ම සෑම දිනකම රාත්‍රී 22.20 ට වියට්නාමයේ හැනොයි (Huyện Gia Lâm ) දුම්රිය ස්ථානයෙන් පිටත් වී චීනයේ Nanning දුම්රිය ස්ථානයට පසුදින උදෑසන 10.06 ට ළඟා වනවා. එහි ධාවන වේලාව මගීන්ගේ රාත්‍රී නවාතැන් වියදම ඉතිරි කිරීමට හේතුවන බැවින් අන්තර්ජාතික සංචාර සඳහා ඉන් පහසුකම් සැලසෙනවා.

චීන-වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය මෙන්ම මානව හා සංස්කෘතික හුවමාරු වසර මෙම වසරට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙනුයි චීන-වියට්නාම අන්තර් දේශසීමා දුම්රිය මාර්ගය යළි විවෘත කෙරුණේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...