යුපුන් මීටර් 100 වාර්තා යළිත් අලුත් කරයි

Date:

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ජාතික වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඒ, ජර්මනියේදී පැවති මීටර් 100 ධාවන තරගය තත්පර 10.06 කින් අවසන් කරමිනි.

2022 වසරේ වේගවත්ම ක්‍රීඩකයා වූ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යලා, යුපුන් හමුවේ පරාජයට පත්වීමද විශේෂත්වයකි. ඔහු මෙම වසරේදී පරාජයට පත් වූ පළමු අවස්ථාවද මෙයයි.

දෙවැනි ස්ථානයට පත් ඔමන්යලා වාර්තා කළ කාලය තත්පර 10.14 කි.

මීටර් 100 ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාව මීට පෙරද යුපුන් සතුව තිබිණි.

මේ අතර පසුගිය සතියේදී ඉතාලියේ පැවති මීටර් 200 ධාවන තරගයකදී තත්පර 20.37 ක දක්ෂතාවයක් දක්වමින් ජාතික හා දකුණු ආසියාතික වාර්තා තමන් සතුකර ගැනීමටද ඔහු සමත් විය.

ඒ අනුව මීටර් 100 හා 200 ජාතික වාර්තා සහ දකුණු ආසියානු වාර්තා යුපුන් අබේකෝන්ගේ නම ඉදිරියේ ලියැවී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...