ඉදිරි මාස හයේ උද්ධමනය කාටවත් පහළ දාන්න බෑ. වැඩිදෙනෙක් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි !

Date:

ඉදිරි මාසය හය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය 30% – 40% මට්ටමෙන් පහළට ගෙන ඒම කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“ඉදිරි මාසය 3 – 6 ඇතුළත මේ රටේ සිදුවෙනු ඇත්තේ සීමිත ආර්ථික ක්‍රියාකාරකම් කිහිපයක් පමණයි. ඒ කියන්නේ ආර්ථිකය හැකිළෙනවා. මේ වසරේදී අප ඉතිහාසයේ මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව අපේ පුරෝකථනයයි. ඉදිරි මාස හය තුළ කාටවත් උද්ධමනය 30% – 40% ට වඩා පහළට ගෙන එන්න බෑ. දුප්පත් හා අවදානම් කාණ්ඩයේ ජනතාවට දැඩි ලෙස බලපාන ප්‍රශ්නය මෙයයි. විශේෂයෙන්ම රජය සහාය ලබා නොදුන්නොත් අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවට ඔවුන්ගේ ආදායමෙන් ජීවත් වීම අසීරු වෙනවා. ඔබට දකින්න ලැබේවි මෙරට දරිද්‍රතා මට්ටම් ඉහළ යනවා. වැඩිදෙනෙක් දරිද්‍රතා මට්ටමට වඩා පහළට වැටේවි. ආර්ථිකය හැකිළෙන අවස්ථාවක වැඩිදෙනෙකුට රැකියා අහිමිවෙන ආකාරය දකින්නට ලැබේවි. ඒ, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යෑමට නොහැකි වන නිසායි”

නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රෙස් ක්ලබ් විසින් සංවිධානය කරන ලද සංවාදයකට ඊයේ (25) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...