*
Friday, April 19, 2024
spot_img

Latest Posts

තෙල් ඇද ඇද හැමතැනින්ම තෙල් ගහන අය අල්ලන්න ඇප් එකක් !

ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) නිර්මාණය කර තිබෙනවා. වාහනයේ අංකය මෙම දුරකතන යෙදවුමට ඇතුළත් කළ සැනින් එම වාහනයට ඉන්ධන ලබාගත් පිරවුම්හල් පිළිබඳ සියලු තොරතුරු ලබාගත හැකිය.

මෙම App එක පිළිබඳව මේ වනවිට ස්ථාන කිහිපයකදී අත්හදා බලමින් සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ජංගම දුරකතන යෙදවුම නිර්මාණය කර තිබේ.

එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත් පසු අදාල වාහනයේ අංක තහඩුව ජංගම දුරකතන යෙදවුමට ඇතුළත් කරන අතර ඉන්පසු දුරකතන යෙදවුම හරහා සෙසු පිරවුම්හල් වෙත තොරතුරු ලබාදෙනු ඇත. ඉන්පසු අදාල වාහනය එම දිනය තුළම තවත් ඉන්ධන පිරවුම්හලක් වෙත ඉන්ධන ලබා ගැනීමට ගියහොත් ජංගම දුරකතන යෙදවුම හරහා ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබේ.

ඉන්ධන අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි කංචන විජේසේකර ඇමතිවරයා පවසන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan