*
Friday, July 5, 2024
spot_img

Latest Posts

අගමැති, ඇමති හීන නිසා සමහරු පක්ෂය විනාශ කරනවා – ෆොන්සේකාගෙන් යළි සජබෙට දරුණු චෝදනාවක්!

කොළඹ LNW:අගමැති හීන,ඇමති හීන, ජාතික ලැයිස්තු හීන නිසා ඇතැමුන් සමඟි ජන බලවේගයේ දේශපාලන ගමන් මඟ දුර්වල කර තිබෙන අතර පිටිපස්සෙන් සිටිමින් පිහියෙන් අනින්නේ එවැනි හීන තිබෙන අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එවැනි දුර්වල තැන් නිවැරදි අකර නොගතහොත් පක්ෂයක් ලෙස ඉරිදියට යාම අපහසු බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

මොන ජෝකර්,මොන විහිළුකාරයා හීන දැක්කත් මේ රට හදන්නනම් පිට කොන්දක් තියෙන ශක්තිමත් මිනිස්සු මේ රටේ පාලනය භාර ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

”එහෙම නැතුව අතන මෙතන කෑ කෝ ගහලා, ජනතාවට අල්ලස් දීලා, තෑගී බෙදලා, එක එක භාණ්ඩ බෙදලා ඡන්ද ගන්නයි ප්‍රතිරූප හදාගන්නයි දැඟලුවට මේ රටට ඒ විදිහට ඉදිරියට යන්න බැහැ. ඒක මේ රටේ ජනතාව දැන් තේරුම් අරන් ඉන්නේ. මේ රට හරි තැනට යන්න ඕනෙනම්, ජනතාවගේ ගැටලු විසදෙන්න ඕනේනම්, දුප්පත් බවෙන් මිදෙන්න ඕනේනම් ජනතාවත් බුද්ධිමත්ව මේවා තේරුම් ගන්න ඕනේ. මේ රටේ කතා වැඩියි, විවාද වැඩියි, පාර්ලිමේන්තුවේ කයිවාරු වැඩියි හැබැයි රට යන්නේ පස්සට”

“හැමෝම උඩ පැනගෙන කහින පලියටයි, හැමෝම එකතැන දුවන පලියටයි, මුහුද හත්ගව්වක් තියාගෙන අමුද ගහගෙන සමහරු කෑගහනවා හැබැයි මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. කවදාවත් ඒ වගේ වැඩ කරලත් නැහැ.මම අවශ්‍ය වෙලාවට කතා කරනවා, අවශ්‍ය වෙලාවට ජනතාව ඉදිරියට එනවා. සුදුසු වෙලාවට සුදුසු තැනදී මම මගේ දේශපාලනය ගැන කතා බැහැ කරනවා. මම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. මෙතන එක එක ඇය ඒක එක ගැටලු ඇති කරනවා. එහෙම අය ඉන්නවා කාන්තාවෝ, ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ඒ ගොල්ලෝ අතන මෙතන මේවට ඇඟිලි ගහනවා. ඉස්සර අපි නිදහසේ මේකේ දේශපාලනය කළා. සමගි ජන බලවේගය එන්න කලින් එක්සත් ජාතික පක්ෂය එක්කත් අපි මෙතන දේශපාලනය කළා. නමුත් දැන් ඒ තිබුණු ගෞරවය, අභිමානය දැන් අපි දකින්නේ නැහැ. ඒ කාලේ කැලණියේ වැදගත් විදිහට දේශපාලනය කළා. අරක්කු දේශපාලනය අපි කළේ නැහැ. අපෙන් කවුරුවත් අරක්කු ඉල්ලුවෙත් නැහැ. දැන් මේ ආසනයේ මිනිහෙකුට පත්වීමක් දීලා තියෙනවා දිස්ත්‍රික් සංවිධායකද මොකක්ද කියලා ඒ මිනිහා හැම තැනම අරක්කු බෙදනවා. කොල්ලොන්ට අරක්කු බෙදා බෙදා කියනවා එන්න අද හවස රැස්වීමක් තියනවා, හවසට තව අරක්කු බෙදනවා කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන් පක්ෂය කඩා වැටෙනවා. ඒක නවත්වන්න බැහැ.” යනුවෙන් ෆොන්සේකා මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

තමන් ඇතුළු සීමිත පිරිසක් විසින් සිදුකළ සම්ප්‍රදායනුකුල, ප්‍රතිපත්තිමය, සදාචාරමය දේශපාලනය කරන්න අමාරුයි හුඟක් අයට අපහසු බවද හෙතෙම කියා සිටියි.

”හැබැයි මගෙත් එක්ක ඉන්නවා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ ඒ ගොල්ලෝ තාමත් ප්‍රතිපත්තියක් ඇතුව දේශපාලනය කරනවා. ගම්පහ දේශපාලනයත් එක්ක සමහරු විහිලු කරන්න පටන් ගත්තා. ගම්පහ දිනුවොත් ඕනෑම මැතිවරණයකින් ඒ කණ්ඩායම රටම දිනාගන්නවා. ගම්පහ පැරදුනොත් ඒ අය රටෙනුත් පරදිනවා. අපිට සජබ විදිහට ගම්පහ විශාල ශක්තියක් තිබුණේ නැහැ. හැබැයි මේ කරන වැඩ හින්දා මමත් ඉන්නේ කලකිරීමෙන්. ඒක මේ රටම දන්නවා. ඉදිරියට ඇවිල්ලා මේ ගැන කතා කරන්නේ නැති වුණාට හුඟක් අය ඉන්නේ කලකිරීමෙන්. ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම දේශපාලන පසුබෑමක් තියෙනවා. මේ වෙලාවේ සමහරු අගමැති වෙන්න හීන දකිනවා. සමහරු ජාතික ලැයිස්තුවෙන් එන්න හීන දකිනවා. සමහරු ඇමතිවරු වෙන්න හීන දකිනවා. ඒ හීන දකින අය තමයි මේකේ වැඩියෙන්ම ප්‍රශ්න ඇති කරන්නේ. ඒ හීන දකින අය තමයි හුඟක් වෙලාවට පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ. ඒවා නිවරදි කරගත්තේ නැත්නම් පක්ෂයට ගමනක් යන්න අමාරුයි.” යනුවෙන් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan